එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (US National Institutes of Health) අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් මහතා එරට ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කොරෝනා මර්දන ඖෂධ වැඩපිළිවෙල පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බවට තොරතුරු වාර්තා වේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලන ඒකකය විසින් හඳුන්වා දුන් “ඔපරේෂන් වෝප් ස්පීඩ්” (Operation Warp Speed) නම් එන්නත් ලබාදීම සීඝ්‍ර කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය කොලින්ස් මහතා පවසා සිටියේ එය කොරෝන වසංගතය පාලනය කිරීමට අර්ථවත් මැදිහත්වීමක් ලබාදෙනු ඇති බවයි.
එම එන්නත් සීඝ්‍ර කිරීමේ වැඩපිළිවෙල මෙම වර්ෂය අවසානය වන විට රට තුළ කොවිඩ්-19 තත්ත්වයට සාර්ථක හා කාර්යක්ෂම එන්නතක් නිර්මාණය කරනු ඇති බවට හෙතෙම පැවසීය.
එමෙන්ම, 2021 මුල් කාලසීමාව වන විට මාත්‍රා මිලියන 300 පමණ ලබාදිය හැකිවනු ඇති බවද ජාතික සෞඛ්‍ය ආයතන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට අමතරව, එළඹෙන සැප්තැම්බර් මස වන විට කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන තුළ රැපිඩ් පරීක්ෂා මිලියන 1ක් පැවැත්වීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත්, ඒ හරහා වසා දැමූ පාසල් යලි විවෘත කිරීමට හැකිවනු ඇති බවත් කොලින්ස් මහතා පෙන්වා දුන්නේය.
ඇමරිකාව තුළ මේ වන විට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,801,912 වන අතර, මරණයට පත් සංඛ්‍යාව 131,027 ලෙස සටහන් වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…