උතුරු කොරියාවේ 2022 වර්ෂය සඳහා එරට රජයේ පළමු ප්‍රමුඛතාවය ආර්ථිකය සඳහා හිමිව ඇති බවට වාර්තා වේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් විසින් ඊයේ (31) දින පැවති කොරියානු කම්කරු පක්ෂයේ (WPK) 08 වන මධ්‍යම කාරක සභාවේ 04 වන පූර්ණ රැස්වීම අමතමින් අවධාරණය කර තිබෙන්නේ, 2022 වර්ෂයේ පළමු ප්‍රමුඛතාවය ආර්ථිකය සඳහා ලබා දිය යුතු බවයි.
උතුරු කොරියාව “ජීවිතයත් මරණයත් අතර ප්‍රභල අරගලයක” නිරත වන බවත්, මේ සඳහා ඇති ප්‍රධාන විසඳුම ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් හෙතෙම අවධාරණය කර තිබේ.
උතුරු කොරියාවේ උග්‍ර ආහාර හිඟයක් මතුව ඇති අතර, මීට හේතුව කොවිඩ් අවදානම මත එරට විසින් පැනවූ දැඩි නීතීන් බවට සඳහන්.
2021 වර්ෂය ඉතා කටුක කාලවකවානුවක් බවට පිළිගත් උතුරු කොරියානු නායකයා, ජනතාවගේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස ගැටළුව විසඳීමේ රැඩිකල් ප්‍රගතියක් ලබා ගත යුතු බවට පෙන්වා දුන් අතර, ඒ සඳහා 2022 වසර වෙන්වනු ඇති බව ද සඳහන් කර තිබේ.
ඒ අනුව, සංවර්ධනය සහ එරට ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම මෙම වසරේ උතුරු කොරියාවේ ප්‍රධාන කාර්යභාරය වනු ඇත.
කෙසේවෙතත්, කොරියානු අර්ධද්වීපයේ පවතින වඩාත් අස්ථාවර හමුදා පරිසරය හේතුවෙන් ප්යොන්ග්යැංග් සිය ආරක්ෂක විධිවිධානයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද කිම් ජොන්ග්-උන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…