Categories: එදා

නොවැම්බර් 20 – දවසේ වැදගත්කම

  • අද ලොව සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් ස්මරණය කිරීමේ දිනය – International Transgender Day of Remembrance/ Transgender Day of Remembrance යි. ට්‍රාන්ස්ෆෝබියාව හෙවත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කෙරෙහි දක්වන භීතිකාවේ ප්‍රතිඵලයක් ලෙසට ඝාතනයට ලක්වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ස්මරණය කිරීම සඳහා මෙම දිනය අන්තර්ජාතික වශයෙන් යොදා ගැනේ. ඔවුන් අත්දකින ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් සම්බන්ධයෙන් හඬ අවදි කිරීමේ දිනයක් ලෙස ද මෙය යොදා ගැනේ.
  1. ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි. මේ වසරේ සැමරෙන්නේ එහි 31 වැනි සංවත්සරයයි. මෙය, ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස සැලකේ.

1805 – බීතෝවන් ගේ එක ම ඔපෙරාව වන ෆිඩෙලියෝ ඔස්ට්‍රියාවේ වියානාවේ දී ප්‍රථම වරට සජීවී ප්‍රසංගයක් බවට පත් වෙයි.

 

1815 – නැපෝලියානු යුද්ධවල අවසානය

1815 – දෙවැනි පැරිස් ගිවිසුම – වෝටර්ලූහි සටනින් පසුව ප්‍රංශය සහ ඊට සහයෝගය දක්වන රටවල් වන්දි පූර්ණය කරන්නට එකග වෙයි. මේ සමග පුරා වසර 12 ක් තිස්සේ පැවති නැපෝලියානු යුද්ධ අවසානය දකින්නේ ය. Napoleonic Wars හෙවත් නැපෝලියානු යුද්ධ මගින්, යුරෝපය පුරා නැපෝලියන්ගේ අණසක පැතිර පැවති ප්‍රංශ රාජධානිය ව්‍යාප්ත කිරීම අරමුණු කර ගැනිණි. ඒ අනුව වෙනත් යුරෝපියානු බලවේගයන් කලාපයෙන් ඉවත්කිරීමට ද අපේක්ෂා කෙරිණි. ප්‍රංශ විප්ලවයට සමගාමීව හටගත් යුද්ධ සමග නැපෝලියානු යුද්ධ පැවති කාලසීමාව සලකා බලන විට එය වසර 23 ක කාල පරිච්ඡේදයකි.

 

1945 – නියුරම්බර්ග් නඩු විභාග ඇරඹේ

1945 – නියුරම්බර්ග් නඩු විභාග – නාසි යුධ අපරාධකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු විභාග ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ දී ඇරැඹෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුක්තිය ඉටු කිරීමේ අතිශය වැදගත් පියවරක් ලෙස මෙය සලකනු ලැබිණි.

Nuremberg Trials හෙවත් නියුරම්බර්ග් නඩු විභාග ලෙස ප්‍රකට වූ මෙම නඩු විභාගයන් එකල හැඳින්වූයේ ‘ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නඩු විභාගය‘ (“greatest trial in history‘‘) ලෙස ය. ලොව පුරා මිලියන 6 ක් යුදෙව්වන් ඝාතනය කළ හිට්ලර්ගේ නාසිවාදීන් යුක්තිය හමුවට පැමිණවීම මෙමගින් අපේක්ෂා කෙරිණි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ crimes against humanity සඳහා ලෝක ඉතිහාසයේ නඩු ඇසුණු පළමු අවස්ථාව මෙයයි.

රටවල් 4 ක විනිසුරන් නඩු විභාගයක් සඳහා එක් වූ පළමු අවස්ථාව මෙයයි. සමකාලික පරිවර්තන නඩු විභාග සඳහා යොදා ගැනුණු පළමු අවස්ථාව මෙයයි. “genocide” හෙවත් ‘වර්ග සංහාරය‘ යන යෙදුම ලෝකයේ මුල් වරට භාවිතයට ගැනුණේ ද නියුරම්බර්ග් නඩු විභාගයේදී ය.

මෙම අන්තර්ජාතික අධිකරණය හමුවේ ඉහළ නිලයන් දැරූ නාසි නිලධාරීන් 20 දෙනෙක් පමණ පෙනී සිටි අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු එල්ලා මරා දමන්නට නියම විය.

මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න..

1959- ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය

1959 – ළමයාගේ  අයිතිවාසිකම් සඳහා වන ප්‍රකාශනය එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් පිළිගනු ලබයි. Convention on the Rights of the Child (CRC).

1969 – සුපිරි බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක පේලේ ඔහු ගේ 1000 වැනි ගෝලය වාර්තා කරයි.

1985 – මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 1.0

1985 – මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 1.0 නිකුත් වෙයි. එය මයික්‍රොෙසොෆ්ට් සමාගම විසින් හඳුන්වා දුන් පළමු සංස්කරණයයි. එවකට පැවති MS-DOS මෘදුකාංගය සමග සහයෝගීව ග්‍රැෆික් අන්තර්ගතයන්ට ඉඩ ලබාදුන් මෙය, පරිගණක ක්ෂේත්‍රයේ සැබෑම විප්ලවයක් සිදු කළේය.

1986 – ලෝක සෞඛ්‍ය සංවිධානය HIV තුරන් කිරීමේ ප්‍රථම ගෝලීය උත්සාහය ප්‍රකාශයට පත් කරයි.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

12 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

15 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

16 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

17 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

17 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

17 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

17 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

20 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

22 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago