පාකිස්ථාන ක්‍රිස්තියානි කාන්තාවක වූ ඇය, වසර 8 ක් මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන් සිරගෙදර සිටි අතර, නඩු විභාගයේදී ඇගේ නිර්දෝෂී බව ඔප්පු වුවද, පාකිස්ථානය පුරා පැතිර ගිය ආගම්වාදී උද්ඝෝෂණවලින් කියැවුණේ නඩුවෙන් නිදහස් වුවත් ඇය වහාම මරා දැමිය යුතු බව ය. Pakistan blasphemy case: Asia Bibi freed from prison
කෙසේ නමුත් මේ වන විට මුල්තාන් සිරගෙදරින් නිදහස් වූ ඇය, ගුවන් යානයක නැගී සාර්ථක ලෙස පාකිස්ථානයෙන් පළා යාමට සමත් වූ බව බීබීසී පුවත්සේවය වාර්තා කරයි.
ඇගේ නීතීඥවරයා වන සයිෆ් උල් මලූක් (Saif ul Malook) එම ගුවන් යානයේ ගමනාන්තය කුමක්දැයි හෙළි නොකර සිටීමට ද ප්‍රවේශම් විය. ඔහු පැවසුවේ ‘නොදන්නා ගමනාන්තයක්‘ වෙත ගුවන් යානය ගමන් කරන බව ය.
මෙයට පෙර අසියා බිබීගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ සිය පවුලට බරපතළ මරණ තර්ජන එල්ල වෙමින් තිබෙන බව ය. එනිසා ඔහු එක්සත් රාජධානිය, ඇමරිකාව හෝ කැනඩාව තුළ දේශපාලන රැකවරණය පතා තිබිණි.
මේ අතර රටවල් ගණනාවක්ම ඇයට දේශපාලන රැකවරණය ලබාදීමට ද කැමැත්ත පළ කර තිබිණි.
කෙසේ නමුත් මේ අතර පාකිස්ථාන ආණ්ඩුව පවසා තිබුණේ ඇයට රටින් පිටවීමට ඉඩ නොදෙන බවයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තමන් විසින් සකස් කරමින් සිටින බව ද මීට පෙර කියැවී තිබිණි.
අසියා බිබී නොහොත් අසියා නොරීන් (Asia Noreen) නමැති මෙම කාන්තාව 2010 වසරේදී සිරගත කෙරුණේ සිය අසල්වැසියන් සමග ඇතිවූ දබරයකදී මොහොම්මද් තුමාට අපහාස කළ බවට චෝදනා නගමිනි.
පාකිස්ථානය තුළ ‘බ්ලස්ෆෙමි‘ හෙවත් දේවාපහාසය‘ මරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
අසියා බිබී පිළිබඳ පෙර පළ වූ ලිපි මෙතැනින්-
දෙවියන් ඉදිරියේ නිර්දෝෂී වුවත් මිනිසුන් ඉදිරියේ තැලුම් කන ගැහැනියක්
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…