දැනට ප්‍රකාශිත 50%කට වඩා අධික ඡන්ද ප්‍රතිඵල අනුව, මේ වන විට ඉදිරියෙන් සිටිනේනේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන Tehreek-e-Insaf (PTI) හෙවත් යුක්තිය සඳහා පාකිස්ථාන ව්‍යාපාරය වෙත ය.
ප්‍රචණ්ඩ ක්‍රියා සහ මරාගෙන මැරෙන බෝම්බ පිළිබඳ තර්ජනය හේතුවෙන් අටලක්ෂයක (800000) ක පොලිස් හා හමුදා බලකායක් සක්‍රියව මැතිවරණ රාජකාරිය සඳහා අනියුක්ත කර තිබේ.
දීර්ඝ කාලයක් හමුදා පාලනයක් පැවති පාකිස්ථානයේ 70 වසරක ඉතිහාසය තුළ සිවිල් ආණ්ඩුවකින් තවත් සිවිල් ආණ්ඩුවක් වෙත බලය හුවමාරු වන, ඉතිහාසයේ දෙවැනි අවස්ථාව මෙයයි.
ඡන්ද දායකයන් මිලියන 106 ක් දෙනා මෙවර ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇති අතර දේශපාලන පක්ෂ 30 ක් සහ අපේක්ෂකයන් 12,570 ක් මෙහිදී තරග වදිති.
‘කුවාමි ඇසෙම්බ්ලි‘ හෙවත් ‘කුවාමි සභාව‘ යනුවෙන් හැඳින්වෙන පාකිස්ථාන ව්‍යවස්ථාදායකය (පාකිස්ථාන ජාතික සභාව) ආසන 342 කින් සමන්විත අතර, එයින් ආසන 60 ක් වෙන් කර තිබෙන්නේ කාන්තාවන් වෙනුවෙනි. වාර්ගික සුළුතරයන් සඳහා වෙන් කර ඇති ආසන ගණන 10 කි.
මෙවර පාකිස්තාන මහමැතිවරණයේ ජය ඉම්රාන් ඛාන්ගේ තෙරීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයට ලැබීමට හේතුව වශයෙන් බොහෝ දෙනෙක් දක්වන්නේ රට තුළ තවමත් ප්‍රබල දේශපාලකයෙක් වශයෙන් සැලකෙන හිටපු අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ්, සිය රට බලා පැමිණීමෙන් අනතුරුව සිරභාරයට පත්වීමයි.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඔහුගේ පක්ෂය වන පීඑම්එල්එන් පක්ෂය දෙවැනි තැනටද , ඝාතනයට ලක් වූ අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන බිලාවල් සර්දාරි ගේ පාකිස්ථාන ජනතා පෙරමුණ තෙවැනි තැනට ද පත්ව තිබේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…