එයට හේතු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බුෂ් ෆයර්ස් හෙවත් ලැව්ගිනිවලින් පසුව හටගත් තාප තරංග මේ වන විට ‘තාප කුණාටු‘ බවට පත්ව ජනාශ්‍රිත ප්‍රදේශ ආක්‍රමණය කරමින් පැවතීමයි.
මෙම තාප කුණාටු විසින් රටේ පැතිර යන ලැව්ගිනි, එකිනෙකට එකක් සම්බන්ධ කරමින් දැවැන්ත ගිනි ජාලා ද නිර්මාණය කරමින් තිබේ.
අග්නි ටෝනේඩෝ සහ වැස්සකින් තොරව සිදුවන විදුලි කෙටීම් විසින් තවදුරටත් ලැව් ගිනිද බිහිවෙමින් තිබේ.
අද (4) දිනයේ පෙන්රිත් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 48.9 ක් වන අතර, සිඩ්නි නුවර සෙල්සියස් අංශක 45 ක් ද, කැන්බරා හි උණුසුම සෙල්සියස් අංශක 44 ක් ද වේ.
මේ තත්වය සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ සාමාන්‍ය උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේඩ් අංශක 34 සමග සසඳා බලා ඔබම වටහා ගත යුතුය.
මූලාශ්‍රය_ http://www.meteo.gov.lk/index.php?lang=en
පෙන්රිත් (Penrith) යනු, සිඩ්නි හි උප නාගරිකයකි. මේ වන විට සැලකෙන්නේ මිහිමත උණුසුම් ම ස්ථානය පෙන්රිත් ලෙස ය.
මේ වන විට නිව් සවුත් වේල්ස් හි ග්‍රාමීය ගිනි නිවන සේවය විසින් හදිසි අනතුරු ඇඟවීම් සේවයක් ද ක්‍රියාත්මක කර තිබේ. ‘‘පිටව යන්නට දැන් ප්‍රමාද වැඩියි. ගින්න එන විට ළඟම ඇති ආරක්ෂිත තැනකට යන්න..‘‘ ඒ අවවාදය, මේ වන විට ප්‍රදේශයෙන් පිටව නොගිය ජනතාව සඳහා ය.
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ජනපද තවදුරටත් ගිනි ගනිමින් තිබේ
ගල් අඟුරු කර්මාන්තයේ රසිකයෙකු වන, ගල් අඟුරු කෑල්ලක් ගෙන පාර්ලිමේන්තුවට ද ආ, ඔස්ට්‍රේලියාව ගිනි ගන්නේ දේශගුණික විපර්යාස නිසා යැයි අදටත් විශ්වාස නොකරන අගැමති ස්කොට් මොරිසන් මේ අතර මෙසේ කියයි. ‘‘මේ සතියේ මේ විනාශය සම්පූර්ණයෙන්ම අලුත් මට්ටමකට ළඟා වී තිබෙනවා..‘‘
Cover Photo: MSN
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…