කාලීන

ලොව වයස්ගතම ප්‍රහාරක යානා නියමුවා ගිනස් පොතෙන් ඔබ්බට

ප්‍රහාරක යානා පැදවීමෙහි සක්‍රියව නිරතව සිටි ලොව වයස්ගතම ගුවන් නියමුවා – බලඝණ නායක පිලිප් ෆ්‍රොව්ලේ සිය රැකියාවෙන් පසුගිය දා විශ්‍රාම ගත්තේය. විශ්‍රාම යන විට හැට හය හැවිරිදි වියේ පසු වූ හෙතෙම මුනුබුරු මිනිබිරියන් සිව් දෙනෙකුගේ සීයා කෙනෙකි. හතළිස් නව වසරකට ආසන්න කාලයක් පිලිප්, රාජකීය ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට සේවය කළේය. රාජකීය ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවේ ඉතිහාසය වසර 97කට වඩා නැත. ඒ අනුව පෙනෙන්නේ ඕස්ට්‍රේලියා ගුවන් හමුදා ඉතිහාසයෙන් හරි අඩකට ආසන්න කාලයක් පුරා පිලිප් ෆ්‍රොව්ලේ එහි රැඳී සිටි බවකි. විශ්‍රාම ගැනීමට සැරසී හෙතෙම මාධ්‍යයට මෙසේ පවසා තිබිණ.

“… අද මට සුවිශේෂ දවසක්. කොහොම වුණත් හැම දෙයක්ම අවසානයක් කරා ළඟා වෙනවා. ඒකට තමයි අද මම මුහුණ දීලා ඉන්නේ. එය නිසැකයෙන්ම ආශ්චර්යමත් දෙයක්. …” යනුවෙනි.

Squadron Leader Phillip Frawley with his wife Kerry (right), and son, Steven (left), | CNN

ගුවන් පැය 10,000 ක්

විශ්‍රාම යන විට හෙතෙම පැය දස දහසක පියාසර කාලයක් සම්පුර්ණ කර තිබුණේය. එම පියාසර කාලයෙන් පැය 6000ක්ම ඔහු වැයකර තිබුණේ ප්‍රහාරක යානා පැදවීම සඳහායි. එතරම් පියාසර කාලයක් සම්පූර්ණ කරන්නට ගුවන් නියමුවකුට ඉඩක් ලැබෙන්නේ නැති තරම්ය. එයට හේතුව ප්‍රහාරක ගුවන් නියමු කාර්යය බොහෝදෙනෙකු තරුණ වයසෙන්ම අත්හැරීමයි. වයස අවුරුදු හතළිස් ගණන්වල හෝ පනස් ගණන්වල හෝ පසුවන ප්‍රහාරක නියමුවන් හමුවන්නේ ද මේ නිසා බෙහෙවින්ම කලාතුරකිනි.

පිලිප් ෆ්‍රොව්ලේ, රාජකීය ඔස්ට්‍රේලියා ගුවන් හමුදාවට 1969දී බඳුනේ ආධුනික නිළධාරියකු හැටියටය. ඒ ගමන ඔහු පියෙන් පිය ඉදිරියට ගියේ ගුවන් නියමුවකු, උපදේශකවරයකු සහ අණදෙන නිලධාරියකු ලෙස උසස්වීම් ලබමිනි. සේවා කාලය තුළදී ඔහුට විදේශයන්හි සේවයකරන්නටත් ඉඩ ලැබුණේය. එක් අවස්ථාවකදී, ඔහුට වසර පහකට අධික කාලයක් සෞදි අරාබියෙහි සේවය කරන්නට ඉඩ ලැබිණ.

ජීවිතයේ විවිධ අවධිවලදී, එකකට එකක් වෙනස් ගුවන් යානා, පදවන්නට පිලිප් ෆ්‍රොව්ලේට හැකි විය. එය, එක් අතකින් ඔහු ලත් භාග්‍යයකි. හෙතෙම ගුවන් යානා නියමු කටයුත්ත පළමුවෙන්ම ආරම්භ කළේ “Hercules” වශයෙන් හැඳින්වුණු යානා පදවමිනි. ඉන්පසු “Mirages”, “Macchis”, සහ “F/A-18 Hornets” වර්ගයේ යානා පදවන්නට ඔහුට ඉඩ ලැබිණ. මෑත භාගයේදී ඔහු ගුවන් යානා පැදවුම කළේ නවීන තාක්ෂණය යටතේ ගොඩනැඟූ යානා සියතට ගනිමිනි. ඒ කුමන යානයක තිබුණු කවර ආකාරයේ තාක්ෂණයක් වුව පිලිප් ෆ්‍රොව්ලේට අතැඹුලක් විණ.

කොහොම වුණත් පිලිප් වඩාත් කැමති උපදේශකවරයකු හැටියට කළ භූමිකාවට ය. ඔහුම පවසන අන්දමට උපදේශකයකු හැටියට ඔහුට ගුවන් නියමුවන් 500කට අධික පිරිසක් පුහුණු කරන්නට අවස්ථාව ලැබී ඇත. එය, තම සේවා කාලයේ මස්තකප්‍රප්තියක් හැටියට හඳුන්වන්නට ඔහු මැලි වන්නේ නැත.

විශ්‍රාම යන්නට පළමුව පිලිප් ෆ්‍රොව්ලේ අවසන් වරට පැදවූයේ “Hawk 127 Lead-in-fighter” වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයකි. හැට හය හැවිරිදි වියේ පසු වුවද, තරුණ වයසේ පසුවන දක්ෂ ගුවන් නියමුවකුගේ ස්වභාවයන් පිළිබිඹු කරමින් පිලිප් මේ යානය පදවාගෙන ගිය බව වාර්තාවන්හි දැක් වේ.

Hawk 127

වයස අවුරුදු හැට හය වනතුරු පිලිප් ෆ්‍රොව්ලේ ගුවන් යානා පැදවීම නිසා එතෙක් වයස්ගතම එහෙත් ක්‍රියාකාරීම ප්‍රහාරක ගුවන් නියමුවා හැටියට ගිනස් වාර්තාවක් තබා සිටි ඊශ්‍රායෙල ජාතිකයාට එම වාර්තාව අහිමි විය. ඊශ්‍රායෙල ගුවන් හමුදාවේ සේවය කළ එම ගුවන් නියමුවා වයස අවුරුදු 60 වනතුරු ප්‍රහාරක ගුවන් යානා එළවුමෙහි නිරතව සිටි බැව් දැක්වේ. එකී නියමුවා එම වාර්තාව තබා තිබෙන්නේ 2012 වසරේදී ය.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

12 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

14 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

14 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

14 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

16 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

20 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago