පරිසර

වාරකන් නොවේ මේ, ප්ලාස්ටික්..!

අවසානයේ සමුදුරු ජීවීන් එසේ මිය යන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නස්පැත්තිය නිසා මිස වාරකන් නිසා නොවේ යැයි පහදා දෙන්නට අධිකරණයට යන්නටත් ලංකාවට සිදුවිය.

නොමිලේ ලැබුණු, ඉපදෙන විටම ලැබුණු ස්වභාවික සම්පතට ආදරය කරන්නට නොදන්නා මිනිසුන් සිටින ප්‍රධාන පෙළේ රටක් බවට ලංකාව පත් ව තිබේ. අද වන විට ගෝලීය වශයෙන් සොබාදහමට වින කටින ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් දූෂණය (Plastic polution) පත් ව තිබේ.

මිහිතලයෙන් 3/4 ක් ම වැසී ගොස් තිබෙන්නේ මහා සාගරයෙනි. නමුත් මේ මහා සාගර සහ මිරිදිය ජල සම්පත සිතාගත නොහැකි තරම් වේගයෙන් ප්ලාස්ටික් නිසා දූෂණය වෙමින් පවතියි.

ප්ලාස්ටික් නිපදවන්නේ සියවස් ගණන් ගතකර තැනුණු පොසිල ඉන්ධනවලිනි. ප්ලාස්ටික් බහුඅවයවයකි. සංවර්ධිත ලෝකය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය අධික වේගයෙන් සිදුවන්නට පටන් ගත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ය. ජීවිතාරක්ෂක මෙවලම් නිසා අජටාකාශ සංචාර ආරක්ෂිත විය. එය මෝටර් රථ වල සිට ජෙට් යානා දක්වා සියල්ලේම බර අඩු කර දැමුවේය. පිරිසිදු පානීය ජලය නිපදවීම සඳහා පවා ප්ලාස්ටික් මෙවලම් භාවිතා වේ.

එක්වරක් පමණක් භාවිතා කර ඉවත දැමිය හැකි ප්ලාස්ටික් සඳහා තවමත් ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇත. නමුත් ඒවා ලෝකයේ වාර්ෂික ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40%කට වග කියයි. ආහාර ඔතන තුනී ප්ලාස්ටික් අසුරණයකට තිබෙන්නේ විනාඩියක සිට පැය කිහිපයක ආයු කාලයක් වන්නට පුළුවනි. නමුත් එය සම්පූර්ණයෙන් මිහිමතින් බැහැර වීමට වසර සිය ගණනක් ගත වේ.

 

සාගර පරිසර දූෂණයේ අංක එක ප්ලාස්ටික් ය

වාර්ෂිකව විවිධ ප්ලාස්ටික් යෙදවුම් සහ භාණ්ඩ වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 300 ක් ලෝකය නිපදවයි.

සෑම වසරකම ඒ අතරින් ප්ලාස්ටික් ටොන් මිලියන 8ක්වත් අවම වශයෙන් අපේ සාගරවලට එක් වේ. එය, මතුපිට මුහුදේ පටන් ගැඹුරු මුහුද දක්වා මුළු සාගර ජල තලය පුරාම පවතින සියලු ආකාරවල ‘සමුද්‍රීය සුන්බුන්‘ (marine debris)වලින් 80%කට වග කියයි.

සාගරය තුළ වසන ජීවීහු එක්කෝ ඒවා ගිල දමති. එසේත් නැතිනම් ඒවායේ පැටලෙති. එසේත් නැතිනම් පසුගිය දිනවල ලංකාවේ ධීවර කර්මාන්තය තුළ දැකගත හැකි වූවා සේ ප්ලාස්ටික් අංශු උන්ගේ ශ්වසන පද්ධතියට ඇතුළු වේ. ඒවා අවසානයේ නතර වන්නේ වාතය පිරිසිදු කරන කරමල්වල රැඳීමෙනි. එවිට උන් දිය තුළම මිය යති. ඇතැම්විට ඒවායින් මාරක තුවාළ ද උන්ගේ සිරුරු අභ්‍යන්තරයේ වර්ධනය වේ.

ප්ලාස්ටික් දූෂණය ආහාර සුරක්ෂිතතාවයට, ආහාරවල ගුණාත්මයට, මිනිස් සෞඛ්‍යයට, වෙරළබඩ සංචාරක කර්මාන්තයට වින කටින සාධකයක් වන අතර, එය දීර්ඝ කාලීන ලෙස දේශගුණික වෙනස්කම් සඳහා ද දායක වේ.

පහත දැක්වෙන්නේ මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වන, ලෝකයේ ජලාශ්‍රිත ප්ලාස්ටික් දූෂණය පිළිබඳ සංවේදී ඡායාරූප පෙළකි. මේ සතුන්ට මෙසේ සිදුව තිබෙන්නේ වාරකන් නිසා නොවේ, ප්ලාස්ටික් නිසා ය..

 

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

11 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

13 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

14 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

15 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago