පාප් වහන්සේ සිය සාම වන්දනාවේ අවසන් නැවතුම ලෙස දකුණු සූඩානයට පැමිණ තිබේ. මෙම සංචාරයේ දී සාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට දකුණු සුඩානයේ දේශපාලන නායකයින් දිරිමත් කිරීම අරමුණු වන බව පැවසේ.
එහිද ගැටුම්වලින් අවතැන් වූ දකුණු සුඩාන දරුවන්ගේ ජීවිතවල දුෂ්කරතා ගැන අසා, වාර්ගික වෛරය වෙනුවට සමාව දීමෙන් ලොව අලුත්ම රටට යහපත් අනාගතයක් ගොඩනඟන බව ඔවුන්ට ප්‍රකාශ කර තිබ්ණි.
දකුණු සුඩානය 2011 දී සුඩානයෙන් බිඳී ගිය නමුත් 2013 දී ජනවාර්ගික කණ්ඩායම් එකිනෙකාට එරෙහි වීමත් සමඟ සිවිල් යුද්ධයකට ඇද ඇති විය. ප්‍රධාන විරුද්ධවාදීන් දෙදෙනා අතර 2018 සාම ගිවිසුමක් තිබියදීත්, අන්තර් වාර්ගික සටන් නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමා අවතැන් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙහි සමස්ත ජනගහනයෙන් මිලියන 11.6ක් පමණ වන අතර එහි අභ්‍යන්තරව අවතැන් වූවන් මිලියන 2.2ක් පමණ වන අතර මිලියන 2.3ක් සරණාගතයන් ලෙස රට හැර ගොස් ඇත. දේශපාලන ගැටුම්, සිවිල් යුද්ධය, වසර තුනක ව්‍යසනකාරී ගංවතුර ආදිය හේතුවෙන් දකුණු සූඩානයේ අන්ත දරිද්‍රතාවය සහ කුසගින්න බහුල වී ඇති අතර, ජනගහනයෙන් තුනෙන් දෙකකට මානුෂීය ආධාර අවශ්‍ය වේ.
දකුණු සූඩානයේ අවතැන් වූවන්ගෙන් බහුතරය කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ළමයින්ය.
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ප්‍රධානී සාරා බෙයිසොලෝ නයන්ති ෆ්‍රැන්සිස්ට පැවසුවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුම එක් ආකාරයකට හෝ කිහිපාකාරයකට හිංසනයට ගොදුරු වී ඇත. යුනිසෙෆ් පවසන පරිදි, දකුණු සුඩානයේ ගැහැනු ළමයින්ගෙන් සියයට 75 ක් පමණ පාසල් නොයයි.
දකුණු සුඩානයේ කාන්තාවන්ගෙන් අඩක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇති අතර, ඔවුන් පසුව ලොව ඉහළම මාතෘ මරණ අනුපාතයට මුහුණ දෙති.
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම පසුගිය වසරේ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, සමස්තයක් වශයෙන්, මෙහි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ජීවත් වන්නේ “අපායක්” බවයි.
මෙහිද් පාප් වසන්සේ ප්‍රකාශ කර තිබුණේ කරුණාකර සෑම කාන්තාවක්, සෑම ගැහැණු ළමයෙක්, තරුණ කාන්තාවක්, මවක් ආරක්ෂා කරන්න, ගරු කරන්න, අගය කරන්න, ගෞරව කරන්න, එසේ නෙවේ නම් අනාගතයක් නොමැති බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…