බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් (Gavin Williamson) විසින් හමුදා ක්ෂේත්‍රයන් හි සිදුවන සැකකටයුතු ක්‍රියාවන් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.
මෙය සිදුවී තිබෙන්නේ චැනල් වන් රූපවාහිනී සේවයේ තිමූර් සිරසීව් (Timur Siraziev) නමැති මාධ්‍යවේදියා බර්ක්ෂයර් හි හමුදා කඳවුර අවට සැකකටයුතු ලෙස ගැවසී ඇති බව වාර්තා වීමත් සමග ය. මෙම හමුදා ඒකකය, එක්සත් රාජධානියේ ‘තොරතුරු යුගයට‘ ගැළපෙන පරිදි යාවත්කාලීන කර ඇති, නූතන ආරක්ෂක අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පවත්වාගෙන යන ඒකකයකි. එසේම මෙම හමුදා කඳවුරේ භට ඛණ්ඩ මෙන්ම විශේෂ අවස්ථාවලදී කැඳවන ආරක්ෂක අංශ ද රැඳී සිටිති.
ඔහුගේ සැක කටයුතු හැසිරීම් හමුදා පද්ධතියේ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබේ.
පසුව චැනල් වන්, නොවැම්බර් 21 වැනිදා තිමූර් විසින් වාහනයක නැගී හර්මිටේජ් බැරැක්ක පසුකරගෙන යමින් සිදුකළ රූගත කිරීම් ඇතුළත් රූපරාමු පෙළක් විකාශනය කර තිබේ. එහි, තිමූර්, එහි පිවිසුම් දොරටුව වෙත ඇවිදගෙන යන ආකාරය ද ඇතුළත් ය.
චැනල් වන්, රුසියාව පදනම්කරගෙන ක්‍රියාත්මක වන සමාජ ජාල සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායමකි. රුසියානු තානාපති කාර්යාල වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට තිමූර් එම නාලිකාවේ ප්‍රධානියා ය.
බ්‍රිතාන්‍යයේ පවත්නා නීතියට අනුව මහජනයාගෙන් අයෙක් එවැනි හමුදා කඳවුරක් ආසන්නයේ සැක කටයුතු ලෙස, අවසරයකින් තොරව ගැවසේ නම් වහාම පොලිසිය ඇමතිය යුතු වේ.
රුසියාව පසුගියදා සිදුවූ නොවිචොක් ප්‍රහාරයත් සමග අන්තර්ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සහිත රටක් යැයි බ්‍රිතාන්‍යය විසින් දැඩි සේ අවධාරණය කරමින් සිටියි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…