එසැණ පුවත්

යුක්රේනය අල්ලන්න ගිය පුටින්ට රුසියාවත් නැතිවෙන ලකුණු !

එරට ජනතාව ප්‍රධාන නගර රැසක සිය ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විරෝධතාවයේ නිරතව සිටින රුසියානුවන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රටේ හමුදා ශක්තිය ඉහළ දමමින් අතිරේක හමුදා කැඳවීමට පුටින් තීරණය කර ඇති අතර එම තීරණය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ස්වෙච්ඡා භටයන් ලක්ෂ 03 ක් ස්ථිර හමුදා සේවයට කැඳවීමට අමතරවයි.

රුසියානු පාලනය මෙවැනි නියෝගයක් නිකුත් කර තිබෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරටයි.

පුටින් එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ජනතාව අමතමින් ප්‍රකාශ කළේ බටහිර රටවල් විසින් රුසියාව න්‍යෂ්ටික තර්ජනයකට ලක්කර ඇති බවයි.

මේ නිසා රටේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සිදුවන බවත්, හමුදා ශක්තිය තවදුරටත් වර්ධනය කරගත යුතු බවත් පෙන්වා දෙන පුටින් පවසන්නේ බටහිර රටවල් සීමාව ඉක්මවා කටයුතු කළහොත් තමන්ට විශාල අවි භාවිතා කිරීමට සිදුවන බවයි.

රටේ භෞමික අඛණ්ඩතාවයට කිසියම් තර්ජනයක් එල්ල වුවහොත් උපරිම ශක්තිය යොදා රටත් ජනතාවත් රැක ගැනීමට කටයුතු කරන බවද රුසියානු නායකයා පවසනවා.

රුසියානු නායකයාගේ මෙම තීරණය හේතුවෙන් එරට සමාජය තුළ දැඩි කැළඹීමක් ඇතිව තිබෙනවා. රුසියාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයට පුටින් සෘජුවම වගකිව යුතුය යන ස්ථාවරයේ සිටින රුසියානුවන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ.

යුක්‌රේන ආක්‍රමණය සම්බන්ධයෙන් විරෝධය දක්වන රුසියානුවන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීද රුසියානු – යුක්රේන අර්බුදය දැඩිලෙස කතාබහට ලක්විය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ රුසියාවට දඬුවම් ලබාදිය යුතු බවයි. ඒ සඳහා විශේෂ යුද අධිකරණයක් නිර්මාණය කරන ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

UN for LNW

සබැඳි ලිපි:

Share

Recent Posts

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

17 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

20 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago