ගිනිකොනදිග බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයක් වන කොක්ස්වලට බලපානු ලබන සුළි කුණාටු, ලැව්ගිනි සහ නායයෑම් හේතුවෙන් එහි වෙසෙන ඇස්තමේන්තුගත මිලියනයක් වන රෝහින්ග්‍යා සරණාගතයින් දැඩි තර්ජනයට ලක්ව ඇති බව දේශගුණික විශ්ලේෂකයෝ පවසා තිබේ.
මෙය ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වන අතර පසුගියදා ඇති වූ මොචා සුළි කුණාටුවෙහි දරුණුතම බලපෑම්වලින් යන්තම් ගැලවී ගියද, එම ප්‍රදේශය දැඩි අවදානමක පවතින බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.
මේ සම්බන්ධයෙන් දේශගුණ විද්‍යාඥයෙකු සහ දේශගුණික විපර්යාස සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සලීමුල් හක් පැවසුවේ රොහින්ග්‍යා කඳවුරුවල ඇති ලොකුම ගැටලුව නායයෑම් බවයි.
බංග්ලාදේශය ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රාජ්‍යයන්ගෙන් එකක් වන අතර ඉදිරි වසරවලදී මුහුදු මට්ටම ඉහළ යන විට මිලියන සංඛ්‍යාත ජනතාවට පහත් වෙරළ තීරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව කියැවේ.
ජාත්‍යන්තර ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් සම්මේලනයේ (IFRC) සංජීව් කෆ්ලි, රොහින්ග්‍යා සරණාගතයින් මෙන්ම බංග්ලාදේශයේ වෙරළ තීරයේ ඔවුන්ගේ සත්කාරකයන් මුහුණ දෙන ගැඹුරු දේශගුණික තර්ජන ඉස්මතු කර ඇති අතර මෙම අභියෝග කඳවුරුවල සීමාවෙන් ඔබ්බට විහිදෙන අතර එය පුළුල් ප්‍රාදේශීය ප්‍රජාවට බලපාන බව පිළිගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…