මෑත ඉතිහාසයේ ලෝකයේ දක්ෂතා අතින් මෙන්ම කඩවසම් පෙණුම නිසා ද අතිශයින් ජනප්‍රිය පාපන්දු තරුවක් වූ එංගලන්ත පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් ඩෙවිඩ් බෙකම් ගේ පුත්‍රයා වන රොමියෝ බෙකම්, මේ පාපන්දු වාරය සඳහා බ්‍රෙන්ෆොර්ඩ් පාපන්දු සමාජයේ බී කණ්ඩායම නියෝජනයට කැඳවා ඇත.
සිය පියා මෙන්ම ඉන්ටර් මියාමි සමාජය සමඟ එක්ව සිටි රොමියෝ,මෙවර තරග වාරයේදි අලුත් කන්ඩායම වෙනුවෙන් හොඳ ක්‍රීඩා රටාවක් පෙන්වීමට අපේක්ෂාවෙන් සිටියි.ලොවම වසඟයට ගත් පාපන්දු ක්‍රීඩකයෙක් වු සිය පියාට වරක් රොමියෝ පවසන්නේ තමන්ට පාපන්දු ක්‍රීඩා කිරීමට අනවශ්‍යය බවයි.දුකක් දැණුන ද,එය දරාගෙන සිය පුත්‍රයාගේ කැමත්තට එකඟ වන ඩේවිඩ් ඔහුගේ කැමත්ත ඇතුව රෝමියෝව ටෙනිස් ක්‍රීඩාවට යොමු කරන්නේය.එපමණක් නොව සුපිරි ක්‍රීඩක ඇන්ඩි මරේ යටතේ පුහුණුවට ද යවන්නේය.
නමුත් 2020 වසරේ දි යළිත් පාපන්දු පිටියට ආදරය කරන්නට හිත හදාගන්නා මේ තරුණයා දැන් විසි හැවිරිදි ය.දැනටමත් ආකර්ශණය කර ගැනීමට හැකි ප්‍රහාරයන් සතු ක්‍රීඩකයෙක් ගේ ගති ලක්ෂණ මතු කරමින් සිටින රෝමියෝ ඉදිරියේදී තවත් බොහෝ දේ කරනු ඇතැයි සිතිය හැකිය.සමහර විට එය එංගලන්ත පාපන්දු පිටියට තවත් බෙකම් කෙනෙක්ගේ පහස ලැබෙන දිනයක් විය හැකිය.
රෝමියෝ,ජුලියට්ට තරමටම පාපන්දු පිටියට ආදරය කරන දවසක ඩේවිඩ්ගේ ආකර්ශණිය පෙණුමද සහිත මේ ගැටවරයාට ලෝකයේම ආදරය ලබන්නට හැකි වෙනු ඇත.බොහෝ ජුලියට්ලා සිය සිහන තුළ රොමියෝ කර ගත් බෙකම්ගේ ආදරණීය ආකර්ශණය පාපන්දු පිටිය තුළ යාවත්කාලීන කිරීමේ හෙට දවසට ඩේවිඩ්ට මෙන්ම රෝමියෝට ද ක්‍රීඩා හැකියාව තරමටම පෙණුම ද ආභරණයක් විය හැකි බව මේ සමඟ වන ඡායාරූප කිහිපයම ඔබට සහතික ලබා දෙනු ඇත.
RM
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…