නාරා නගරයේ පොලිස් සථානයේ ප්‍රධානී ටොමොඅකි ඔනිසුකා පවසන්නේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත යොදවා තිබූ ආරක්ෂාවේ අඩුපාඩු තිබීම බැහැර කළ නොහැකි සත්‍යයක් බවයි.
ඉකුත් සිකුරාදා දින ෂින්සෝ අබේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයාට දේශපාලන රැළියක් අතරතුරදී වෙඩි පහරක් එල්ල කළ අතර, ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ තනි වෙඩිකරුවකු විසින් වන අතර, මීට අදාළ සැකකරු 41 හැවිරිදි ටෙට්සුයා යමගාමි නම් තැනැත්තෙකි.
තමා විසින් නිවසේදී ම තනන ලද ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ටෙට්සුයා පිළිගත් බව පොලීසිය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට අදාළ සැකකරු, ජපානයේ හිටපු අග්‍රමාත්‍යවරයා සමඟ පෞද්ගලික වෛරයකින් පසුවී ඇති අතර, තමාගේ මව මූල්‍යමය වශයෙන් බංකොලොත් කිරීමට කටයුතු කළ ආගමික කණ්ඩායමකට ෂින්සෝ අබේ මහතාගේ සම්බන්ධයක් තිබීම නිසා මෙම වෙඩි ප්‍රහාරය දියත් කළ බව සැකකරු පවසා ඇත.
ෂින්සෝ අබේ ජපානයේ වැඩිම කළක් අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කළ පුද්ගලයා වන අතර, ඔහුගේ ඝාතනය ජපානය අතිශයින් කම්පනයට පත්කිරීමට සමත් වූ බව ද වාර්තා වේ. මිය යන විට ෂින්සෝ අබේ මහතා 67 වන වියේ පසුවිය.
මේ අතර ජපානයේ එළඹි මැතිවරණයේ ඡන්ද කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ෂින්සෝ අබේ මහතා ගේ ඝාතනය එරට ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයට තවත් තල්ලුවක් විය හැකි බවයි.
ඡායාරූප: ඊපීඒ/රොයිටර්/බීබීසී
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…