කාලීන

‘‘ඔහු පෙරහන්කඩක් වගේ වෙඩි උණ්ඩවලින් සිදුරු වුණා.. ‘‘ – ඝාතනය කළ හයිටි ජනපතිගේ අවසන් මොහොත ගැන බිරිඳ කතා කරයි

‘‘ඔහුට එක වචනයක්වත් කියාගන්න පුළුවන්කමක් ලැබුණෙ නෑ..‘‘ යැයි ද ඇය පැවසුවාය.

ජූලි 7 වැනිදා හයිටි ජනපතිවරයා මරා දැමූ බවට දැනට සැක කෙරෙන්නේ විදෙස් ඒජන්තයන් 28 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසිනි.

මෙම ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාළ ලැබූ ජනපති බිරිඳ මේ වන විට ඇමරිකාවේ මියාමි හි රෝහලක ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේ ට්විටර් හරහා ඇය විසින් වොයිස් මැසේජයක් ද නිකුත් කර තිබිණි.

‘‘ඇසි පිය හෙළන වේගයෙන් කුලී භටයන් මගේ නිවසට ඇතුළු වෙලා මගෙ සැමියාව වෙඩි උණ්ඩවලින් සිදුරු කළා..‘‘ යැයි එම හඬ පටයෙන් ඇය පවසන්නීය. ‘‘මේ ක්‍රියාවට කියන්න නමක් නෑ. මොකද ජනපතිවරයාව මේ ආකාරයෙන් ඝාතනය කරන්න නම් ඔවුන් සීමා රහිත අපරාධකරුවන් විය යුතුයි..ඒ වෙලාවෙ ඔහුට එක වචනයක්වත් කියාගන්න බැරි වුණා..‘‘

සිය සැමියා ඝාතකයන්ගේ ඉලක්කයක් බවට පත් වුණේ දේශපාලන හේතු නිසා බව ඇගේ අදහසයි. ජනාධිපතිවරයාට වැඩි බලතල ලැබෙන සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නියමිත තිබීම එයට එක් හේතුවක් බව ඇය සඳහන් කරයි. මෙය, ජනමත විචාරණයක් හරහා සිදුකිරීමට නියමිත ව තිබිණි.

මේ කුලී හේවායන්ව ඇය හඳුන්වා දෙන්නේ ‘‘ජනපතිවරයාගේ සිහිනය ඝාතනය කළ අය‘‘ යනුවෙනි.

ලතින් ඇමරිකාවේ දුප්පත්ම රටේ ජනපති

BBC

ලතින් ඇමරිකාවේ දුප්පත්ම රට ලෙස සලකන්නේ හයිටි දේශයයි. මිලියන 11 ක් වන එහි ජනතාවගෙන් 59%ක්ම ජීවත් වන්නේ දුප්පත්කමේ රේඛාවට පහළිනි.

මොයිසේ 2017 වසරේ පටන් එහි ජනපතිවරයා විය. ඔහු මෑත කාලයේ බරපතළ දූෂණ චෝදනාවලට ගොදුරු ව සිටි අතර, ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා අගනුවර ඇතුළු නගර ගණනාවක උද්ඝෝෂණ ද දැකගත හැකි විය.

මොයිසේ 2019 ඔක්තෝබර් මාසයේ පවත්වන්නට නියමිත ව තිබූ හයිටි මහමැතිවරණය ද ප්‍රමාද කළේ ජනපතිවරයා ට පරම බලයක් ලැබෙන පරිදි ය. අනතුරුව, පෙර කී ජනමත විචාරණය හරහා ආණ්ඩුක්‍රමය සංශෝධනය කිරීමට නියමිත ව තිබුණේ සැප්තැම්බර් මාසයේදී ය.

2021 පෙබරවාරි මාසය වන විට ජනපතිවරයා ඉල්ලා අස් විය යුතු බවට හඬ නගමින් සිටියේ විපක්ෂයයි. තමන්ට එරෙහිව ඝාතන තැතක් ක්‍රියාත්මක වන බවට මොයිසේ විසින් මීට පෙර ද පවසා තිබේ.

ඝාතකයෝ කවුද?

ඝාතනය සිදුකළ අය කවුදැයි තවමත් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. ඝාතකයන් අතර ඇමරිකානුවන් සහ කොළොම්බියානු ජාතිකයන් 24 දෙනෙකු සිටින බව මීට පෙර පැවසී තිබිණි. නමුත් හයිටියේ සෙනෙට් සභිකයෙක් වන ස්ටීවන් බොනොයිට් පවසා තිබෙන්නේ ‘‘ඔවුන් කොළොම්බියානුවන් නෙවෙයි‘‘ යනුවෙනි. ඇමරිකාව, සිය පුරවැසියෙකු මෙම ප්‍රහාරයට හවුල් බව පිළිගෙන නැත.

වෙඩි ප්‍රහාරයකින් පසුව පෝට්ඕ ප්‍රින්ස් අගනගරයේදී ඝාතන කල්ලියෙන් 17 දෙනෙකු මේ වන විට පොලිසියට කොටු වී ඇති බව සඳහන් ය. සැකකරුවන් තිදෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර, තවත් 8 දෙනෙක් අතුරුදන් ය.

 (AP Photo/Joseph Odelyn)

ද්විත්ව පුරවැසියන් දෙදෙනෙක් ඝාතකයන් අතර

කෙසේ නමුත් අත්අඩංගුවට ගත් අය අතර, ඇමරිකානු හයිටි ද්විත්ව පුරවැසිභාවය සහිත දෙදෙනෙකු වෙති.හයිටි හි කැනේඩියානු තානාපති කාර්යාලයේ ශරීරාරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙක් ද ඒ අතර වේ. ජෝසප් වින්සන්ට් නමැති තවත් ඇමරිකානු පුරවැසියෙකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවසා තිබෙන්නේ තමන් භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ බවයි.

‘‘උවමනා වුණේ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න මිසක් ඝාතනය කරන්න නෙවෙයි..‘‘ යනුවෙන් ද ඔහු කියා ඇත.

නව ජනපති කවුද?

සිකුරාදා දිනයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වී නව ජනපතිවරයෙකු නිල නොවන අන්දමින් පත් කරගෙන ඇත. ඔහු ජෝසප් ලැම්බර්ට් ය.

කෙසේ නමුත් හයිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනපතිවරයෙකු පත් කර ගත යුත්තේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසිනි. නමුත් 2019 ඔක්තෝබර් මාසයේ පවත්වන්නට නියමිත ව තිබූ මහමැතිවරණය නොපැවැත්වීම එයට බාධාවක් වී ඇත. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිතව ඇති නව සංශෝධන අනුව මෙවැනි අවස්ථාවක ජනපතිවරයා ලෙස කටයුතු කළ යුත්තේ අගමැතිවරයා ය. මහමැතිවරණයෙන් තේරී පත් වූ අගමැතිවරයෙකු නොමැති වීමේ ගැටළුව එවිට නැවත මතු වේ.

ඊයේ දිනයේ වාර්තා වූයේ හයිටි රාජ්‍යය මේ වන විට ඇමරිකාවෙන් සිය වරාය, ගුවන් තොටුපොළ ඇතුළු ආර්ථික මර්මස්ථාන රැක ගැනීම සඳහා ඇමරිකාවෙන් උදව් ඉල්ලා ඇති බවයි.

ඒකාධිපති පාලනයන්ට නතු වූ රටවල එම පාලනයන් අනපේක්ෂිතව බිඳී යා හැකි බවට හයිටි ඛේදවාචකය නූතන උදාහරණයකි.

 

පෙර ලිපි

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

12 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

13 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

18 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

18 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

18 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

19 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

3 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago