St. John Properties නමැති මේ දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. මේ සියලු දෙනා වෙනුවෙන් සමාගම ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් නොමසුරුව වෙන් කර තිබිණි.
නත්තල් නිවාඩු සාදයේදී සමාගම මේ බෝනස් චෙක් පත් සේවකයන් අතට පත් කළේ ඔවුන් සන්තෝසයෙන් උමතු කරමිනි.
‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා..“ යැයි එම ආයතනයේ නිලධාරිනියක් කීවාය. ‘‘t was just amazing and incredible. I’m still in shock. It’s definitely life changing.”
සෙන් ජෝන් ප්‍රොපටීස් සමාගමේ සභාපති ලෝරන්ස් මේක්වාන්ස්ට් හට මේ පරිත්‍යාගශීලීත්වය විසින් එක රැයින් ලෝක ප්‍රසිද්ධියද ලැබිණි. ඔහු සීඑන්එන් පුවත් සේවයට හෙළිදරව් කළේ සිය සේවකයන්ට මේ අන්දමින් කෘතගුණ සැලකීමට හේතුව, වසර 14කට පසු ඔවුන් තමන්ගේ ඉලක්කයක් සපුරා ගැනීම බවයි.
එනම් ඇමරිකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ මෙයට වසර 14කට පෙර ඔවුන්ගේ පැවති වර්ග අඩි මිලියන 10ක දේපළ ප්‍රමාණය, වර්ග අඩි මිලියන 20 ක් දක්වා වූ ඉලක්කයට මේ වසරේදී ළඟා වූ බවයි. ඔවුන්ට මේ වන විට ශාඛා 8 ක් තිබේ.
සේවකයන්ට ලබා දෙන බෝනස් මුදල ගණනය කර තිබුණේ ඔවුන් සමාගමේ සේවය කළ වර්ෂ ගණනට සමානුපාතිකව ය. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය.
මේ සේවකයන්ගෙන් සමහරෙක් පැවසුවේ, තමන් කිසිදු දිනෙක මෙවැනි කෘතගුණ දන්නා සමාගමක් හැර දමා යාමට සිහිනෙන්වත් නොසිතන බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…