එසැණ පුවත්

චීන – තායිවාන විරසකය උඩුදිව යයි. ජය ඇමරිකාවට?

ඉකුත් දින එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම උදෙසා තායිවානයේ සංචාරය කිරීමත් සමඟ කලාපයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට උඩුදිව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය පසුකර මෙසේ චීනයෙන් ස්වාධීන අසල්වාසී තායිවානය වෙත සංචාරය කිරීම හා එම රාජ්‍යය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම ගෝලීය ආර්ථිකය තුළ චීනයේ භූමිකාව බිඳ දැමීමට ඇමරිකාව දරන ප්‍රයද්නයක් බවයි ගෝලීය දේශපාලන විද්වතුන් පෙන්වා දෙන්නේ.

මෙමඟින් චීනය එක්සත් ජනපදය සමඟ තිබෙන විරසකය තවත් උත්සන්න වී ඇති අතරම, එය තායිවානය සමඟ ද දැන් ගොඩනැඟෙමින් පවතී. වරක රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් මෙම තත්ත්වය හැඳින්වූයේ යුරෝපා රටවල් විසින් සෝවියට් දේශයට එරෙහිව පිහිටුවා ගත් නේටෝ සංවිධානය මෙන් තවත් යුධ එකමුතුවක් චීනයට විරුද්ධව ආසියා පැසිෆික් කලාපයේ පිහිටුවා ගැනීමට එක්සත් ජනපදය විසින් දරන වෑයමක් බවයි.

මේ අතර, තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ, චීනය එක්සත් ජනපදයේ නාවික හමුදාවේ නැව්වලට ප්‍රහාර දියත් කිරීමේ සූදානමක සිටින බවත්, යුධ තත්ත්වයකදී තායිවානයට යුධ ආධාර ලබාදීම සඳහා විදෙස් රටවල් තායිවානය වෙත පැමිණීම වැළැක්වීම සඳහා ක්‍රියාන්විතයක නිරත වෙමින් සිටින බවත් ය.

එක්සත් ජනපදය තායිවානය සමඟ පවත්වා ගන්නා සබඳතාවය කලාපයේ ස්වෛරීභාවයට සිදුකරන බරපතල හානියක් බවට විශ්වාස කරන චීනය, තවමත් චීන පරිපාලනයෙන් ස්වාධීනව සහ ප්‍රජාතන්ත්‍රාවාදීව පාලනය වන තායිවානය චීනයේ කොටසක් බවට විශ්වාස කරනු ලබයි.

ඒ අනුව, කලාපය තුළ හමුදා ක්‍රියාන්විතයන් දියත් කිරීමට චීනය විසින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය එරට පාර්ලිමේන්තුවට වාර්තාවක් නිකුත් කරමින් පවසා ඇත්තේ, චීනය තායිවානයට ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සිය සන්නද්ධ බලකා සූදානම් කරමින් සිටින බවයි. ජපානයේ සිට තායිවානය, පිලිපීනය හරහා බෝර්නියෝ දක්වා චීනයේ වෙරළබඩ මුහුදු කලාපය වටකරමින් දිවෙන පළමු දූපත් දාමය ඉලක්කකරමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට චීනය සැරසෙන බව එම වාර්තාවේ දැක්වෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙහි පළමු පියවරක් ලෙස එක්සත් ජනපද නෞකා වලට ප්‍රහාර දියත් කිරීමට චීනය සූදානමින් සිටින බවට තායිවාන ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් කරුණු දක්වයි.

එක්සත් ජනපදය නිසා චීනය සහ තායිවානය අතර මතුව ඇති මෙම මතභේදාත්මක තත්ත්වය දිගටම පැවතුනහොත් රුසියාව – යුක්රේනය ආක්‍රමණය කිරීම හා සමාන සිදුවීමකින් ම එය අවසාන වනු ඇති බවත්, එය දැනටමත් යුක්රේන ආක්‍රමණය නිසා ලොව මතුව ඇති ආහාර, බලශක්ති හා ආර්ථික අර්බුදය හිනිපෙත්තකට යැවීමක් වනු ඇති බවත් ගෝලීය දේශපාලන විද්වත්හු බිය පළකරති.

ඡායාරූප: විවේකනන්ද ඉන්ටනැෂනල් ෆවුන්ඩේෂන්

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

14 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

15 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

19 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

22 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

23 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

24 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago