ඇමරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට් සිය නව වන ගීත ඇල්බමය පසුගිය දෙසැම්බර් 11 වන දින එළි දැක්වූවා. එය නමින් එවර්මෝ (Evermore).
පවතින විශේෂත්වය නම් ඇගේ පෙර ගීත ඇල්බමය ෆෝක්ලෝර් (Folklore) නිකුත් කර මාස පහක් ගතවන්නටත් පෙර මෙම ඇල්බමය නිකුත් කර තිබීමයි.
එකම වසර තුළ අලුත්ම ගීත ඇල්බම එකකට වඩා නිකුත් කිරීම බිල්බෝඩ් සංගීත ලොව තුළ කලාතුරකින් සිදුවන දෙයකි.
ටේලර් ගේ එවර්මෝ ඇල්බමයේ ගීත 15ක් සමන්විත වන අතර, එකම සතිය තුළ එම ගීත 15 ම බිල්බෝඩ් ගීත දර්ශකය (Billboard Hot 100) වෙත එකතු වී තිබීම ද විශේෂත්වයකි.
එමෙන්ම එවර්මෝ ඇල්බමය තුළින් පළමු වරට නොකඩවා අංක එකේ සංගීත ඇල්බම 8ක් ගීත දර්ශක වෙත එකතු කිරීමට සමත් වූ කාන්තාව වශයෙන් ද ටේලර් ඇමරිකානු සංගීත ඉතිහාසයට එකතු වනවා.
එවර්මෝ ඇල්බමයේ ප්‍රධාන ගීතය වන “විලෝ” (Willow) බිල්බෝඩ් දර්ශකයේ අංක එකට පැමිණි ටේලර් ගේ හත් වන ගීතයයි.
2006 වසරේ කන්ට්‍රි ගීත ගායිකාවක වශයෙන් කරලියට පැමිණි ටේලර් කන්ට්‍රි ගීත සන්නාමයෙන් ඔබ්බට විවිධ මාදිලි (genre) වල ගීත නිකුත් කරනු ලැබුවේ ලොව මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ යි.
ඇගේ නවතම ගීත ඇල්බමය එවර්මෝ ෆෝල්ක් පොප්, ඕල්ටර්නේටිව් රොක්, චෙම්බර් රොක් ආදී මාදිලි වලට අයත් වනවා.
ටේලර් ගේ පෙර ඇල්බමය වූ ෆෝක්ලෝර් තේමා කර ගනු ලැබුවේ ඇමරිකානු ජනප්‍රවාදයේ සශ්‍රීකබව, සෞන්දර්යය හා මිත්‍යා විශ්වාසයි.
එහෙත් එවර්මෝ ඇල්බමය ඉන් අඩියක් ඉදිරියට තබා ඇමරිකානු ජනප්‍රවාදය නූතන තරුණ පරපුර වෙතට සම්ප්‍රාප්ත කිරීමට සමත් වනවා.
එවර්මෝ ඇල්බමය නිකුත් කර පළමු සතිය තුළදී ගෝලීය වශයෙන් පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් විකිණී තිබූ බවට එම ඇල්බමයේ රෙකෝඩ් ලේබල් සමාගම වන රිපබ්ලික් පවසනවා.
එවර්මෝ ඇල්මයේ ගීත 15 ට අමතරව අතිරේක ගීත දෙකක් සහිත ඩිලක්ස් පිටපත (Deluxe Edition) ද සංයුක්ත තැටියක් සේ මිළදී ගැනීමේ හැකියාව පවතිනවා.
සියළු ගීත පද රචනය කර ඇත්තේ ටේලර් විසිනි. අතිරේක පද රචකයන් ගේ දායකත්වය ද ලැබී තිබේ.
1. “Willow”
2. “Champagne Problems”
3. “Gold Rush”
4. “‘Tis the Damn Season”
5. “Tolerate It”
6. “No Body, No Crime” (featuring Haim)
7. “Happiness”
8. “Dorothea”
9. “Coney Island” (featuring the National)
10. “Ivy”
11. “Cowboy like Me”
12. “Long Story Short”
13. “Marjorie”
14. “Closure”
15. “Evermore” (featuring Bon Iver)
16. “Right Where You Left Me”
17. “It’s Time to Go”
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…