කාලීන

බියගන්වන සුළු දේශපාලන අනාවැකි කී ද සිම්ප්සන්ස් ගේ තවත් අනාවැකියක් සනාථ වෙලා!

ඇමරිකානු සිට්කොම් කාටූන කතාමාලාවක් වන ද සිම්ප්සන්ස් (The Simpsons) වඩාත් ජනප්‍රිය වන්නේ ඇමරිකානු ජීවිතය, දේශපාලනය ඇතුළු විවිධ සිදුවීම් හාස්‍යයට බඳුන් කරමින් ඉදිරිපත් කරනු ලබන සමාජ කියවීමක් එම කතාමාලාව තුළ ගැබ්ව ඇති නිසාවෙනි.

කතාමාලාවේ ප්‍රධාන චරිත වන්නේ සිම්ප්සන් පවුලේ සාමාජිකයින් ය. හෝමර්, මාර්ජ්, බාර්ට්, ලීසා සහ මැගී යන එම සිම්ප්සන්වරු ස්ප්‍රිංෆීල්ඩ් නම් මන:කල්පිත නගරයේ ජීවත් වෙමින් ඇමරිකානු ජීවිතය කියවීමට ලක්කරනු ලබති.

ද සිම්ප්සන්ස් කතාමාලාව තුළ ඉදිරිපත් වන්නේ හාස්‍යය මුත් ප්‍රභල දේශපාලන විචාරයක් ඒ තුළින් ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කරන බවට ඇතැමුන් ගේ මතයයි.

මීට හේතුව එක්සත් ජනපද සංස්කෘතිය තුළ හටගන්නා විවිධ සිදුවීම්, ඇතැම්විට ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය නොකරන කතාබහ, ද සිම්ප්සන්ස් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමයි.

මෙම හේතුව නිසා ද සිම්ප්සන්ස් යනු කුඩා දරුවන්ට නැරඹීමට නසුදුසු කතාමාලාවක් ය යන නිගමනය ඇතුව වෙනිසියුලාව වැනි රටවල ප්‍රදර්ශනය පවා තහනම් කර තිබේ.

ආන්දෝලනාත්මක තිරපිටුපස සිදුවීම් රැසක් රැගත් ද සිම්ප්සන්ස් කතාමාලාව ජනප්‍රිය වීමට බලපෑ තවත් හේතුවක් තිබේ. එනම් ද සිම්ප්සන්ස් කතාමාලාව තුළ සිදුකළේ යැයි කියන ඇතැම් සමාජ පුරෝකථන යතාර්ථයක් බවට පත්ව තිබීමයි.

මෑතදී කතාබහට ලක්වූ එවන් ද සිම්ප්සන් පුරෝකථනයක් වූයේ බයිඩන්-හැරිස් ප්‍රමුඛ නව ඇමරිකානු රජයේ පදවි ප්‍රාප්තියයි!

2020 ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් හමුවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්විය. ඉකුත් ජනවාරි 20 වන දින ජෝ බයිඩන් මහතා එක්සත් ජනපදයේ 46 වන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේ ය. කමලා හැරිස් මහත්මිය උප ජනාධිපතිනිය ලෙස දිව්රුම් දුන්නාය.

ද සිම්ප්සන්ස් කතාමාලාවේ එපිසෝඩ නිර්මාණකරුවකු වන ඩේවිඩ් සිල්වර්මන්ට අනුව ජෝ බයිඩන් මහතා සහ කමලා හැරිස් මහත්මිය ඇමරිකාවේ ජනාධිපති සහ උප ජනාධිපතිනිය වන බවට ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් 2019 වර්ෂයේදී පුරෝකථනය කොට තිබේ.

2019 වර්ෂයේ තිරගත වූ “West Wing Story” එපිසෝඩයේ ට්‍රම්ප් පළවා හැර බයිඩන්-හැරිස් පරිපාලනය ඇමරිකාවේ රජය බවට පත්වන බවට පෙන්වා ඇත.

මීට අමතරව ද සිම්ප්සන්ස් කතාමාලාවේ රසිකයින් පෙන්වා දී ඇත්තේ කමලා හැරිස් මහත්මිය ඇමරිකානු නව රජයේ පදවි ප්‍රාප්තිය දිනට හැඳ සිටි ඇඳුම ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් 2000 වර්ෂයේදී පුරෝකථනය කර තිබූ බවයි.

2000 වර්ෂයේ තිරගත වූ “Bart to the Future” නම් එපිසෝඩයේ ලීසා නම් සිම්ප්සන් චරිතය ඇමරිකාවේ ජනාධිපතිනිය බවට පත්වන අතර, එහිදී ලීසා හැඳ සිටින ඇඳුම වත්මන් උපජනාධිපතිනිය කමලා හැරිස් මහත්මිය පදවි ප්‍රාප්ති දින උත්සවයට හැඳ සිටි ඇඳුමට බොහෝසෙයින් සමාන බව රසිකයින් විසින් පෙන්වා දී ඇත.

.

ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් සිදුකළේ යැයි කියවෙන බියගන්වන සුළු පුරෝකථන

ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් සිදුකළේ යැයි කියවෙන පුරෝකථන රාශියකි. ඒ පිළිබඳ වෙනමම ලිපියකින් කතා කළ යුතුය. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම් හුදෙක් අහඹු සිදුවීම් මිස පුරෝකථන නොවන බවයි. ඒ ආශ්‍රයෙන් සම්පාදනය වූ තොරතුරු නිවරද්‍යතාව (Fact Check) පිරික්සූ වාර්තා පවා පවතී.

කෙසේවෙතත්, ද සිම්ප්සන්ස් කතාමාලාව විසින් සිදුකළේ යැයි කියන ඉතාමත් තීරණාත්මක පුරෝකථන 4ක් දෙස අපි අවධානය යොමු කරමු.

.

සැප්තැම්බර් 11 ජන සංහාරය

ඉහත දසුන ඇතුලත් වනුයේ 1997 වසරේ තිරගත වූ එපිසෝඩයක් වූ “The City of New York vs. Homer Simpson” හි ය. බැලූ බැල්මට කිසිදු විශේෂයක් නොපෙනෙන මුදු රෑපයේ දැක්වෙන සඟරාවේ නිව් යෝර්ක් වචන වලට පහලින් ඩොලර් 9 සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුනු දෙක දක්වා ඇත්තේ 9 / 11 හැඟවෙන පරිදි ය.

ඔසාමා බින් ලාඩන් විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද්දේ 2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වන දින යි!

.

ඩිස්නි සමාගම විසින් ෆොක්ස් සමාගම මිළදී ගැනීම

ඉහත පුරෝකථනය පෙන්වා දෙන ලද්දේ ඩැරන් රොවල් නම් ට්විටර් පරිශීලකයා විසිනි. 1998 වර්ෂයේදී තිරගත වූ “When You Dish Upon A Star” නම් ද සිම්ප්සන්ස් එපිසෝඩයෙන් යෝජනා කර ඇත්තේ වෝල්ට් ඩිස්නි සමාගම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම මිළයට ගෙන ඇති බවයි.

ඩිස්නි සමාගම නිත්‍ය වශයෙන්ම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම මිළදී ගන්නා බවට ප්‍රවෘත්තිය පළවූයේ 2017 වර්ෂයේදීය. 2019 වර්ෂයේදී එය සිදුවිය!

.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වීම

2000 වර්ෂයේ තිරගත වූ “Bart to the Future” නම් එපිසෝඩයේ ලීසා නම් සිම්ප්සන් චරිතය ඇමරිකාවේ ජනාධිපතිනිය බවට පත්වන අතර, එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු බවට ඉඟි කරනු ලබයි.

2016 වර්ෂයේදී සැබවින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ 45 වන ජනාධිපති බවට පත්විය.

.

හිග්ස් බෝසෝන් අංශුව සොයා ගැනීම

හිග්ස් බෝසෝන් අංශුව ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අද්විතීය සොයාගැනීමකි. අංශු භෞතික විද්‍යාවේ සම්මත ආකෘතියේ මූලික අංශුවක් ලෙස සැලකෙන හිග්ස් බෝසෝන් අංශුව විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබුවේ 2012 වර්ෂයේදී පමණ ය.

කෙසේවෙතත්, ද සිම්ප්සන්ස් කතාමාලාවේ 1998 වර්ෂයේ තිරගත වූ “The Wizard of Evergreen Terrace” නම් එපිසෝඩයේ දී හෝමර් සිම්ප්සන් විසින් හිග්ස් බොසෝන් අංශුව ගණිතමය සූත්‍රයක් ඔස්සේ පෙන්වා දෙන අයුරු දැක්වෙයි.

1989 වර්ෂයේ සිට වර්තමානය දක්වා දිවෙන ද සිම්ප්සන්ස් නම් කතාමාලාවේ කලින් කලට පෙන්වන මෙම දසුන් සැබවින්ම පුරෝකථන ද? නැතහොත් හුදෙක් රසික න්‍යායාචාරවරුන්ගේ මනස්ගාත ද? තීරණය ඔබ සතුය.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

15 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

15 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

19 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

23 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

24 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

24 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago