ලොව යන අත

වාර්ථා බිදිමින්, මිනිස් ජීවිත බිලිගන්නා 2021 ග්‍රිස්ම සෘතුව

අද ජාත්‍යන්තර මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් විසින්ම වාර්ථා කරන පරිදි මේ වන විට ලෝකයේ රටවල් මෙන්ම කලාප කිහිපයකම උෂ්ණත්වය ජීවීන්ට දරා ගත හැකි සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබීමෙන් මිනිස් ජීවිත මෙන්ම වන සතුන්ගේද ජීවිත ද අහිමි කරමින් සිටී. එමෙන්ම ලැවු ගිනි ඇති වීම හේතුවෙන් ඉතා වටිනා පාරිසරික සම්පත් රැසක් ගිනි ගනිමින් තිබේ. එහි අර්ථය වන්නේ 2021 වසරේ ග්‍රීස්ම සෘතුව මෙතෙක් තිබූ ලෝක උෂ්ණත්ව වාර්ථා බිද දමා ඇති බවයි.

මීට පෙර පැවති මට්ටම් වලට වඩා මෙම වසරේ ග්‍රීස්ම සෘතුව විශේෂයෙන්ම ඇමරිකාවේ බටහිර කොටසේ සිට බ්‍රිටිෂ් කොලොම්බියාව, කැනඩාව ආදී රටවල් වලට ඉතා බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටී. කලාපය පුරා මේ වන විටත් ඉතා සීග්‍රයෙන් පැතිර යන අධික නියගය හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ දැවී යෑම ආරම්භ වී ඇත. මේ බොහෝ රටවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 46 ඉක්මවමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය තර්ජනයට ලක් වී ඇත. මෙවැනි පසු බිමක් මත බොහෝ විශේෂඥයින් පේනවා දෙන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත දේශ ගුණික අර්බුද විසින් ගිනි තබන ලද ව්‍යසනකාරී උණුසුම් වායු ධාරා සමස්ත ලෝකයටම විශාල බලපෑමක් සිදු කරනු ඇති බවයි.

මෙසේ වාර්ථා ගත ලෙස ඉහළ යමින් පවතින ඉහළ යන උෂ්ණත්වය විසින් කැනඩාවේ සහ ඇමරිකාවේ මිනිස් ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර පසුගිය සිකුරාදා සිට උෂ්ණත්වය හේතුවෙන් ජීවිතය අහිමි වූ කැනඩා ජාතිකයන්ගේ ගණන 130කට අධිකය. ඊයේ දිනය වන විට කැනඩාවේ සාමාන්‍ය පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් දක්වා ඉහළ යෑමත් සමග එය මින් පෙර තිබූ වාර්ථා බිද දමන ලදී. එළිමහන් උෂ්ණත්වයෙන් බේරී සිටීම නිවෙස් තුළ ක්‍රියා කරවන විදුලි පංකා , වායු සමීකරණ ආදිය හේතුවෙන් තව තවත් බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානම වැඩි වෙමින් පවතින බව බලධාරීන් පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නියගයන් පිලිබද නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ පතින තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි. ඔවුන්ට අනුව එරට ජනතාව මිලියන 58.4කට අධික සංඛ්‍යාවක් නියගයෙන් පීඩාවට පත්වන ප්‍රදේශ වල ජීවත් වෙයි. එමෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත 12 ක් පුරා අක්කර 661,400 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතී. උතුරු කැලිිෆොනියාවේ විශාලතම වනෝද්‍යානයක් වන Shasta-Trinity ජාතික වනෝද්‍යානයෙහි පැතිරුණ සීග්‍ර ලැවු ගින්න එක් රැයක් තුළ අක්කර 13000කට අධික භූමි ප්‍රමාණයක් දවා අළු කොට තිබේ. මෙසේ ඇති වන ලැව් ගිනිත් සහ සුළගේ වේයෙහි වැඩි වීමත් සමග උණුසුම් වායු ධාරා ඉතා සීග්‍රයෙත් පැතිරෙමින් පැවතීමත් සමග උෂ්ණත්වයේ බලපෑම තව තවත් ඉහළ යනු ඇත.

ඇමසන් සමාගම විසින් උෂ්ණත්වය හේතුවෙන් එළිමහනේ සිටීමට අපහසු පිරිස් වෙනුවෙන් පිහිටුවා ඇති සිසිල් ස්ථාන වෙත රැස් වී සිටින පිරිස්

කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමග මනුෂ්‍ය සංහතියට සිදුවන අනෙකුත් පාරිසරික, සාමාජීය බලපෑම් සියල්ලක්ම මෙන්ම මනුෂ්‍ය සංහතිය විසින් පරිසරයට සේම මුළු මහත් පෘථිවියට සිදු කරමින් සිටින බලපෑම අමතක කොට දමා ඇත. එහෙත් ඒ සියල්ල මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතී. දේශ ගුණික විපර්යාස යනු එහි ඉදිරියේම සිටින පෘථවිය මිනිසාට මිනිසා විසින් නැති කර ගැනීමේ ඵල විපාක වල ඉදිරියේම සිටින්නාය.

ඒ අනුව අන් කවරදාකටත් වඩා වේගයෙන් කඩා වැටෙන හිම කදු, මුහුදු මට්ටමේ හළ යෑම්, මෙන්ම පාරිසරික උෂ්ණත්වය අදහා ගත නොහැකි ලෙස ඉහළ යෑම කමයෙන් වැඩි වෙමින් පවතී.

කාලයක් තිස්සේ ලෝකයේ සෑම කලාපයකම පාහේ රටවල් ග්‍රීස්ම සෘතුවත් සමග මෙවැනිම දරුණු ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය උණුසුම වැඩි වීමේ ප්‍රථිපල ලෙසිනි. ලැව්ගිිනි හේතුවෙන් ඇමසන් වනාන්තරයේ අතිවිශාල ප්‍රමාණයක් පෘථිවියට අහිමිවීමේ සිට ජීවීන් රැසකගේ ජීවිත තර්ජනයට ලක්වීම ඒත් සමග වැළැක්විය නොහැකිය. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, මීතේන් සහ අනෙකුත් හානිකර වායු විමෝචනය වැඩි වීමෙනි. මෙය සිදුවන්නේ කාර්මික ව්‍යවසායන්හි ක්‍රියාකාරකම්, වාහනවල ක්‍රියාකාරිත්වය, කාර්මික අනතුරු, ගිනි, පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් ආදී වූ සියළු මිනිස් ක්‍රියාකාරකම් මෙසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමේ ලොකු කුඩා වගවීම් බවට පත්වී ඇත.

 

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

20 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

21 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

22 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

23 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago