දරුවා දූෂණය කළ බවට චෝදනා ලබා සිටින්නේ ඇය ජීවත් වන තට්ටු නිවාසයේ ආරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි පුද්ගලයෙකි. දැරියට රස කැවිලි ආදිය දී ඇයව ඔහු විසින් උපක්‍රමශීලීව නිවසින් පිටතට ගෙන ගොස් ඇත.
දැරිය සොයාගන්නා විට ඇය සිහි විසඥ වී සිටියාය. මේ වන විට ඇය රෝහල්ගත කර සැත්කමකට ලක් කර තිබේ. ඇය ජීවත් වේවිද යන්න පවා සැක සහිත බව ඇතැම් වාර්තාවක දැක්වේ.
දැරියගේ දෙමාපියන් මේ සිද්ධිය වන විට සුපුරුදු පරිදි එදිනෙදා ජීවිකාව සොයාගැනීම සඳහා කම්කරු රැකියා සඳහා ගොස් තිබිණි.
ස්වාති මලිවාල් (Swati Maliwal) හෙවත් දිල්ලියේ කාන්තා කොමිසම පවසන්නේ නිර්භයාගේ සිද්ධියට අති මහත් ප්‍රචාරයක් සහ අවධානයක් ලැබුණු නමුත්, මේ සිඟිත්තිය ලක්වූ අපරාධය සම්බන්ධයෙන් ඉන්දියානු සමාජය එතරම් සංවේදී බවක් නොපෙන්වූවා කියා ය.
ඔවුන්ගේ ට්විටර් සටහන මේ සමග පළ වේ.
සිද්ධිය හෙළිදරව් වූ විට ප්‍රදේශවාසීන් එකතු වී චූදිතයාට පහර දී ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ ‘ලිංගික වරදවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ පනත‘‘ (Protection of Children from Sexual Offences (POSCO) Act)යි. එහිදී චූදිතයා වරදකරු වුවහොත් මරණ දණ්ඩනය නියම කළ හැක.
පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය ශීර්ෂපාඨ පිරී ගියේ ඉන්දු කාශ්මීරයේ 8 හැවිරිදි දැරියක් බිහිසුණු ලෙස දූෂණය කර මරා දැමීම හේතුවෙනි. ජූනි මාසයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් සත් හැවිරිදි දැරියක් දූෂණය කළ බව වාර්තා විය. මේ අතර ජනවාරි මාසයේ වාර්තා වුයේ ඉන්දියාවේ මාස 8 ක් වයසැති බිළිඳියක් ඇගේ 28 හැවිරිදි ඥාති සහෝදරයා විසින් දූෂණය කළ බව ය. India outcry after eight-month-old baby raped
මේ අතර දිගින් දිගටම ඥාතියෙකු විසින් දූෂණය කරන ලද 10 හැවිරිදි දැරියක්, ගැබ්ගෙන ඇති බව චන්දිගාර් නගරයේ පසුගිය වසරේ අගෝස්තු මස වාර්තා විය.
India media storm over 10-year-old pregnant rape victim
පුරාතනයේ මාතෘ දෙවඟන පිදූ, ස්ත්‍රීත්වය දේවතාවියන් බවට නංවා පුද පූජා පවත්වන ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ මෙතරම් බහුල වන්නේ මන්ද යන්න අදටද තේරුම් ගත නොහැකි සමාජ ප්‍රපංචයක් බවට පත්ව තිබේ.
පහත දැක්වෙන්නේ වත්මන් ඉන්දියාවේ දැරියන්ගේ සහ ස්ත්‍රීන්ගේ අද තත්වය පිළිබඳ දුක්බර යථාර්ථයයි.
මේ ඉන්දියාවයි! ඉන්දියාවේදී,
අවුරුදු 16ට අඩු දැරියක් සෑම විනාඩි 155කටම වරක් බැගින් දූෂණය වෙයි.
අවුරුදු 10ට අඩු දැරියක් සෑම පැය 13කටම වරක් බැගින් දූෂණය වෙයි.
Sources: Indian government, Unicef
ප්‍රධාන ඡායාරූපය – ISTOCK
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…