මේවන විට මෙම දේශීය පුවත්ම පමණක් රැගත් ෆේස්බුක් පුවත් මාලාව (news feed) නමැති අලුත්ම නවාංගය පරීක්ෂණ මට්ටමේ පවතී. ඒ වෙනුවෙන් ඔවුන් නගර 6ක ෆේස්බුක් භාවිතා කරන්නන් භාවිතා කරයි. ලොස් ඇන්ජලිස් හී නිව් ඕලීන්ස්, ආකන්සස් හි ලිට්ල්රොක්, මොන්ටානා හී බිලින්ස්, ඉලිනොයිස් හී පියොරියා, වොශින්ටන් හි ඔලිම්පියා හා නිව් යෝර්ක් හී බින්හැන්ටන් එම නගර 6යි.
ෆේස්බුක් විසින් මෙම නවාංගයේ අන්තර්ගතයන් මතුපිටට සැකස්ම නිර්මාණයට යන්ත්‍ර ඉගෙනුම් මෘදුකාංග ( machine learning software) භාවිතා කරයි.
කෙසේ නමුත් කැමති ඕනෑම කෙනෙකුට මෙම නවාංගයට දායක වීමට හැකියාවක් නැත. ප්‍රවෘත්තිවල වගකිව යුතු භාවය සහ විශ්වාසනීයත්වය හැකි තාක් දුරට සුරැකීම පිණිස ඔවුන් විසින් ෆේස්බුක් අධීක්ෂණ කණ්ඩායමකින් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව තිබේ.
මෙම අධීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ NBC ප්‍රවෘත්ති කර්තෘ කැම්ප්බෙල් බ්‍රවුන් ය. මේ අනුව මෙම අලුත් නවාංගයේ පුවත් සහ දැන්වීම් පළ කිරීමට අවසරය ලැබෙන්නේ මෙම කණ්ඩායම විසින් අනුමත කරන දේශීය ප්‍රවෘත්තිකරුවන්ට පමණකි.
කෙසේ වෙතත්, මෙය ඇතැම්විට ෆේස්බුක් වෙතට මෙතෙක් එක් කළ නවාංගයන් අතරින් වඩාත්ම මතභේදාත්මක නවාංගය ද වීමට ඉඩ තිබේ.
” පසුගිය වසරේ එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුව ව්‍යාප්ත වූ වගකීමක් රහිත තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීමට නිර්මාණය වුණු ෆේස්බුක් ජනමාධ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම “Today In” පුවත් මාලාව සැලකෙයි. “
මෙම උත්සාහයේ කොටසක් ලෙස මෙම වසරේදී ෆේස්බුක් සමාගම විසින් වෙනත් ප්‍රවෘත්ති හා ඒ සම්බන්ධ විශේෂාංගයන් කිහිපයක්ම පරීක්ෂා කර ඇත. මේ යටතේ දේශීය ප්‍රකාශකයන්ට පුවත් පළකිරීමේදී “හදිසි පුවත්”, බාහිර පරීක්ෂකයන් විසින් මතභේදයට ලක් කරනු ලබන පුවත් සඳහාද ලේබල් ලබා දෙයි.
මෙම කොටස ඔස්සේ ඉදිරියට ඔවුන් අදාල ප්‍රදේශ වල මාර්ග තදබද ලෙස ව්‍යාප්තව ඇති ආකාරය ආදී සියලූම ප්‍රාදේශීය පුවත් හා දැන්වීම් ෆේස්බුක් පරිශීලකයන් වෙත සමීප කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.
මෙය පසුගිය මාස 18 පුරා ෆේස්බුක් සඳහා තේමාවක් විය.ඉන් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් තවත් තොරතුරු රැසක් ව්‍යාප්ත වූ අතර, තම අසල්වැසියන් සදහා භාවිතා කරන ලද භාණ්ඩ විකිණීම සදහා හොඳ වෙළඳපොළක් නිර්මාණය කර ඇත.
නොවැම්බර් මාසයේදී ෆේස්බුක් විසින්, තනි ජංගම යෙදුමක් (app) ලෙස “Facebook Local” යෙදුම ස්ථාපනය කරන ලදී. එය අවන්හල් හා අවට වැදගත් ස්ථාන සොයා ගැනීමට යොදා ගැනුණි. “Today In” යනුවෙන් අප හමුවට ළඟදීම එන්නට සැරසී සිටින්නේ මෙහි ම වැඩිදියුණු කළ ආකෘතියකි.
දැනට පෙරකී නගර තුල පමණක් ක්‍රියාත්මක මෙය ඉතා ඉක්මනින් ලොව පුරා ව්‍යාප්ත කර ක්‍රියාත්මක කිරීමට බලාපොeරොත්තු වේ.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.