කාලීන

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අහිමි වෙයි – ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් ගිණුම් ද දින නියමයක් නැතිව අත්හිටුවයි!

2017 වසරේ පදවිප්‍රාප්තියට පත්වු දිනයේ පටන් පසුගිය සිකුරාදා දිනයේ, තමන් ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගි නොවන බව දැනුම් දුන් ට්විටර් පණිවුඩය දක්වාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික ට්විටර් ගිණුම ඔහු භාවිතා කළේ ඇමරිකානු ජනපතිවරයාගේ නිල ට්විටර් ප්ලැට්ෆෝර්මය ලෙස ය.

පුරා සිව් වසරක් @realDonaldTrump යනුවෙන් හසුරවනු ලැබූ එම ට්විටර් ගිණුම පුද්ගලික මෙන්ම නිල පණිවුඩද ජනතාවට ලබාදුන්නේය. ඇමරිකාවේ නව ප්‍රතිපත්ති නිවේදනය වූයේ ද, දේශපාලන සතුරන්ට පහර දුන්නේද, හමුදාව යොදවා රටවල්වලින් පළිගන්නා බවට දිවුරුම් දුන්නේද, සිය රූපවාහිනී ජනප්‍රියත්වය ඉහළ යාම ගැන පාරම්බෑවේද ඒ හරහා ය. නනමුත් ඒ සියල්ලටම වඩා භයානක දේ වූයේ ඔහුගේ මිලියන 88 ක් වූ අනුගාමිකයන්ට (followers) සාවද්‍ය තොරතුරු, බොරු සහ වියරුව ඒ හරහා සන්නිවේදනය කිරීමයි. රාජකාරි අතරතුර ද ඔහු සිය ජංගම දුරකථනය වෙත යොමු ව සිටින ආකාරය සුලබ දසුනක් විය.

U.S. President Donald Trump uses a mobile phone as Oklahoma Governor Kevin Stitt is seated nearby during a roundtable discussion on the reopening of small businesses in the State Dining Room at the White House in Washington, U.S., June 18, 2020. REUTERS/Leah Millis

ජෝ බයිඩන්ට පරාජය වීමෙන් පසුව ට්‍රමප් සිය ට්විටර් ගිණුම භාවිතා කළේ එය දේශපාලන කුමන්ත්‍රණයක් බවට වන මතය රට පුරා ස්ථාපිත කරන්ටන ය. ඔහුගේ ප්‍රකාශවලට ට්විටර්, නැවත නැවතත් අනතුරු ඇඟවීම් (warning labels) ලබා දෙමින් සිටියේය. නමුත් නාටකය දිගටම රඟ දැක්විණි.

පසුගිය සතියේ බදාදා, ජනපති ට්‍රම්ප්ට පක්ෂපාතී වූ කැරළිකරුවන් පිරිසක් කැටපිල් හිල් වෙත කඩා වැදී ජනාධිපතිවරණයේ ඉලෙක්ට්‍රෝරල් කොලීජියේ ඡන්ද විමසීම් කඩාකප්පල් කර මැතිවරණ ප්‍රතිඵල විනාශ කිරීමට උත්සාහ දැරුවෝය.

මරණ හතරකට වඩා වාර්තා වූ එම සිද්ධියෙන් පසුව ට්විටර් සමාගම ට්‍රම්ප්ගේ ගිණුම පැය 12 කට අත්හිටුවීය. තවද ට්විටර් සමාජ ජාලයේ රීති උල්ලංඝනය කරමින් පළ කළ ට්වීට් සියල්ලම මකාදමන ලෙස ද ඉල්ලීමක් කළේය. නමුත් තමන් කෙරුමෙක් බව සිතාගෙන සිටීමෙන් නොනැවතී එය කියාපාන ට්‍රම්ප් මේවා කනකට ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට පසුගිය සිකුරාදා දිනයේ පටන් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයට පත් කිරීම සිදුව තිබේ.

 

ට්විටර් වේදිකාවෙන් මෙසේ ඔහුව නෙරපා හැරීම (banishment) මෙසේ සිදුවන්නේ ඔහුට සහාය දක්වන්නන් පවා මේ අවසාන දින කිහිපය තුළ ඔහු මොනවා කරාවිදැයි සිතමින් සිටිනා අවස්ථාවක ය. මේ අනුව ඔහුගේ ට්විටර් ගිණුම අක්‍රිය කර දැමීම, ඔහුගේ ධුර කාලයේ අඳුරු අවසානය ගැන පෙර ඉඟියකි.

ෆේස්බුක් ගිණුමත් දින නියමයක් නැතිව අවලංගුයි

ට්‍රම්ප්ගේ නිල ෆේස්බුක් ගිණුම දින නියමයක් නැතිව අත්හිටුවන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2021 ජනවාරි 7 වැනිදා පැවසුවේය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය ද ෆේස්බුක් හිමිකරුටම අයත් වන අතර, එයට ද මේ ඉරණම ම අත් වී තිබේ.

ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම, මුලින්ම පැය 24කට අත්හිටුවනු ලැබුවේ කැපිටල් හිල් ප්‍රචණ්ඩකාරීන්ට ප්‍රශංසා කරමින් ඔහු විසින් පෝස්ට් 2 ක් පළ කිරිමත් සමග ය.

කෙසේ නමුත් මේ පියවර ගන්නා අවස්ථාව වන විට ඉතා වැදගත් වෙනසක් ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පරිපාලනය විසින් සිදුකර තිබූ බව ද සඳහන් කළ යුතුය. එනම්, ඩිමොක්‍රටික්වරුන් ට සෙනෙට් සභාවේ බලය හිමිවීමෙන් පසුව, කොංග්‍රසය විසින් බයිඩන්ගේ ඉලෙක්ට්‍රෝරල් කොලීජි ඡන්ද බහුතරය සනාථ කිරීමෙන් පසුව ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල උප ප්‍රධානී ඩැන් ස්කැවිනෝ (Dan Scavino) ‘‘සාමාන්‍ය ආකාරයේ බල සංක්‍රාන්තියක් සඳහා තමන් කැප වන බව‘‘ පැවසුවේය.

ස්නෝඩන් ශෝකය පළ කරයි!

2013 වසරේදී ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) අකටයුතුකම් නාද කරන්නෙකු (whistleblower) වූ එඩ්වඩ් ස්නොඩන් මේ අතර ට්‍රම්ප්ට සමාජ ජාල අහිමි වීම ‘අපගේ ඩිජිටල් කථනයේ නිදහස‘ අහිමි වීමක් ලෙස පවසා තිබීම මේ වන විට බෙහෙවින් විවේචනයට ලක් වෙමින් ඇත. තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු වූ එඩ්වඩ් ස්නෝඩන්, ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ ක්ලැසිෆයිඩ් හෙවත් අතිශය සංවේදී ආරක්ෂක තොරතුරු රැසක් හෙළි කිරීමනේ අනතුරුව සිය ජීවිතය බේරාගත්තේ හොංකොං සිට රුසියාව බලා පලා යාමෙනි.

ට්‍රම්ප් තවදුරටත් හුදෙකලා වෙයි.

අන්තර්ජාලය හරහා ඡායාරූප හුවමාරු කර ගන්නා අවකාශයක් වන ‘Snapchat‘ ද ට්‍රම්ප්ව අවහිර කළ අතර,  Shopify අන්තර්ජාල සාප්පු සේවාව ට්‍රම්ප්ගේ හිමිකාරිත්වය යටතේ ඇති ව්‍යාපාර එයින් ඉවත් කර දමා තිබේ. මේ අතර ගේමිං ප්ලැට්ෆෝම් එකක් වන Twitch ද ට්‍රම්ප්ගේ ගිණුම අවහිර කර දැමුවේය.

වර්ජිනියා ජනපදයේ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙකු සහ සමාජ ජාල ප්‍රබල ලෙස විවේචනය කරන්නෙකු වනමාක් වෝනර් (Mark Warner) මේ සියලු දේ සාරාංශගත කරමින් ගාඩියන් පුවත් සේවය සමග පවසන්නේ මෙයයි.

‘‘මේ හුදෙකලා ක්‍රියාවන් ප්‍රමාද වැඩියි පමණක් නොව ඒවා ප්‍රමාණවත් වන්නේ ද නැහැ. මේ ප්ලැට්ෆෝම්, ප්‍රචණ්ඩකාරී-අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සහ මිලීෂියා ව්‍යාපාරවලට යටිතල පහසුකම් සඳහා අරටුව ලෙස වසර ගණනක් තිස්සේ සේවය කළා. ඔවුන්ට පිරිස් බඳවා ගන්නට, සංවිධානය වන්නට, සම්බන්ධීකරණය වන්නට සහ අවස්ථා ගණනාවකදී (විශේෂයෙන්ම යූ ටියුබ් හරහා) සිය ප්‍රචණ්ඩකාරී, අන්තවාදී අන්තර්ගතයන්ගෙන් ලාභ උපයා ගන්නට ඔවුන්ට උදව් කළා..‘‘

මේ වන විට බොහෝ දෙනෙක් විසින් සලකන්නේ බොහෝ කලකට පෙර සිදුකළ යුතුව තිබූ දෙයක් ලෙස ය.

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

37 mins ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

22 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago