කොවිඩ්-19 එන්නත ඇමරිකාව සඳහා පමණක් ලබා ගැනීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද උත්සහයක් පිළීබදව ජර්මානු මාධ්‍ය වාර්ථා කරයි. ඒ අනුව එන්නත මිලදී ගැනීම සඳහා ජර්මානු සමාගමකට අති විශාල මුදලක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී ඇත.
මේ සම්බන්ධව ඇමරිකාව සමග වැඩි ලංසුවක් තැබීම සදහා ජර්මානු රජය උත්සහා දරමින් සිටින බවද ජර්මානු රජය උපුටා දක්වමින් ජර්මානු පුවත් පතක් වන ඩයි වෙල්ට් වාර්ථා කරයි.
ට්‍යුබිගෙන් හී පිහිටි ජෛව ඖෂධ සමාගමක් වන කියෝවැක් CureVac වෙත ට්‍රම්ප් ඇමරිකාව වෙනුවෙන් මෙම විශාල මුදල ලබා දී ඇති බව එම පුවත් පත පවසයි.
ද ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අදාල පුවත් පත විසින් උපුටා ගත් නිර්නාමික මූලාශ්‍රයකට අනුව ඇමරිකානු ජනපතිවරයා කොවිඩ්- 19 එන්නත ඇමරිකානු භාවිතය සදහා පමණක් භාවිත කිරීම වෙනුවෙන් මිලදී ගැනීම සදහා සෑම දෙයක්ම කරමින් සිටී,
මේ අතර ජර්මානු රජයද සිය රටේ සමාගමක් විසින් සොයාගත් මෙම එන්නත තමන් විසින්ම මිලදී ගැනීමට විශාල මුදලක් කැපකිරීමට සූදානමින් සිටී,
ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසන්නේ කියොර්වැක්සින් ඖෂධ සමාගම ඇමරිකාව යටතට ගැනීම සදහා ට්‍රම්ප් දරණ උත්සහයට කිසිසේත් ඉඩ නොදෙන බවත් එන්නත නිපදවනු ලබන්නේ මුළු ලෝකයටම පමණක් මිස තනි රටක් සදහා නොවන බවයි.
ජර්මානු සමාගමක් වන කියෝර්වැක් හී ශාකා ඇමරිකාවේ ෆ්‍රැන්ක්ෆඍ්ට් සහ සහ බොස්ටන් හීද පිහිටා ඇත. ජර්මානු සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සම්බන්ධ වී ඇති එය ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශයට යටත් වන පර්යේෂණ ආයතනයක් සහ වෛද්‍ය නියාමන ආයතනයක් වන පෝල් එර්ලිච් ආයතනය සමඟ සමීපව කටයුතු කරයි.
මේ අතර පසුගිය 11 වන දින කියෝවැක් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරී එක්සත් ජනපද පුරවැසි ඩැනියෙල් මැණිචෙල්ලා අනපේක්ෂිත ලෙස සමාගමෙන් ඉවත් වන බවත් ඔහු වෙනුවට සමාගමේ නිර්මාතෘ ඉන්ග්මාර් හෝර් පත් කරන බවත්ය.
ට්‍රම්ප්, උප ජනපති මයික් පෙන්ස් සහ ධවල මන්දිර සෞඛ්‍ය කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ කොරොන වයිරස් එන්නත් උපක්‍රමිකව සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය කිරීම පිළිබඳ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම මස ආරම්භයේදී වොෂිංටන්හි ධවල මන්දිරයට මැණිචෙල්ලා වෙත ආරාධනා කරන ලදී.
ට්‍රම්ප් වෙත එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සදහා මෙම පුවත වාර්ථා කරන ද ගාඩියන් වෙබ් අඩවිය ධවල මන්දිරය වෙත ආරාධනා කරමින් සිටී,
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…