පුවත්

මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට; ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගැනීමත් සමඟ සිනාලෝවා ප්‍රාන්තයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සිනාලෝවා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ලබන සතියේ උතුරු ඇමරිකානු නායක සමුළුවක් සඳහා මෙක්සිකෝවට පැමිණීමට නියමිත වන හෙයින් ෆෙඩරල් සන්නද්ධ හමුදා බ්‍රහස්පතින්දා අලුයම සිට Culiacán හි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට පත් වූ බව මෙක්සිකෝහි ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.
මොහු විසින් රසායනාගාර එකොළහක් පමණ අධීක්‍ෂණය කරමින් මසකට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,300- 2,200 (3000-5000lb) නිපදවන බව පොලීසිය විසින් වාර්තා කර තිබේ.

මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් 2019 දී ද ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයේ තර්ජනය වළක්වා ගැනීම සඳහා නැවත ඔහුව නිදහස් කර තිබේ.

ගුස්මාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “එල් චාපෝ” ගේ පුත්‍රයෙකු වන අතර වසර ගණනාවක් තිස්සේ පෙලීසිය විසින් සොයමින් සිටි අපරාධකරුවෙකි. එල් චාපෝ මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු එක්සත් ජනපදයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටීයි. ගුස්මාන් අත්තඩංගුවට පත්වීමත් සමඟ කෝපයට පත් කල්ලි සාමාජිකයන් මාර්ග බාධක දමා, වාහනවලට ගිනි තබමින්, ප්‍රාදේශීය ගුවන් තොටුපළක මගී ගුවන් යානයක් ගුවන්ගත වීමට සූදානම් වෙමින් සිටියදී වෙඩි තබා තිබේ. මේ හේතුවෙන් සිනාලෝවා ගුවන් තොටුපල ගුවන් වාර සියයකට වඩා අවලංගු කර ඇත.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 hour ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

16 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

20 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

24 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago