කොළඹ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරයන් සීමා කිරීම සඳහා උපදෙස් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
පසුගිය ඉරු (20) දින එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පහත සඳහන් නිවේදනය නිකුත් කොට තිබේ.
“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතුය. හදිසි අවස්ථාවකදී පුරවැසියන් තානාපති කාර්යාලයේ +94 112-301-601 දුරකතන අංකයට අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානයේ +971 800-444-44 අංකයට ඇමතුමක් ලබා දෙන්න.“
පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය සමඟ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සීමා උපදේශනයන් පනවා තිබිණි. එරට අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ UAEMOFA නමින් හැඳින්වෙන ස්මාර්ට් ජංගම යෙදුම භාවිතයෙන් ප්‍රවේශ විය හැකි ට්වාජුඩි සේවාව සමඟ සංචාරකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලියාපදිංචි කරනා ලෙස විදේශ අමාත්‍යංශය අරාබි සංචාරකයින් ගෙන් ඉල්ලා සිටින ලදී. හදිසි අවස්ථාවන් සහ අර්බුද ඇති තත්ත්ව තුළදී අරාබි ජාතික පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අමාත්‍යාංශයට සහ එහි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයට මෙම සේවාව මඟින් ඉඩ සලසා දෙයි.
විදෙස් ගත වන විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවන් හීදී ආවරණය ලබා දෙන සෞඛ්‍ය රක්ෂණයක් වන මුසාෆිර් වැඩසටහනේ ලියාපදිංචි වන ලෙසද එරට රජය අරාබි ජාතික පුද්ගලයන් ගෙන් ඉල්ලා සිටින ලදී.
ඉහත කී සංචාරක සීමා නිවේදනය එළඹෙන නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ප්‍රථම නිකුත් කරන ලදී. මැතිවරණ කාලසීමාව තුළ ආරක්ෂාව පිළිබඳ සලකා බලා මෙම නිවේදනය ශ්‍රී ලංකාවට සංචාරය කරන අරාබි ජාතික පුද්ගලයන් හට නිකුත් කොට ඇති බවට වාර්තා වේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…