අරුම පුදුම

ඇමරිකාවේ UFO නිම්නය- සැන් ලුයිස්

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ඔබ සිතා සිටිනවාට වඩා බෙහෙවින් වෙනස් තැනකි. එහි අමුතු දේ සිදුවන්නේය. සැන් ලුයිස් නිම්නයේ වෙසෙන සියල්ලන්ම පාහේ කිසියම් අද්භූත දෙයක් හෝ අසාමාන්‍ය දෙයක් සිය ජීවිත කාලයේ දුටුවන් ය. ගන හිරු රැසට පිළිස්සෙන මුඩු බිම වසාගෙන අහස් කුස සිට අමනුෂ්‍ය බැල්මක් ඔවුන් මත පතිත වී ඇත්තා සේ ය. විටෙක තෝරාගත් ස්ථානයකට පමණක් සුළං හමන්නා සේ ඇමරිකානු ධජය සෙළවෙන්නට පටන් ගනියි. එසේ නැතිනම් තුනී ලෝහ තහඩුවෙන් නිම කළ මාර්ග සංඥා උන් හිටි ගමන් වෙව්ළන්නට පටන් ගනියි. කිසිවක් සිදුවෙන බව ඔවුන්ට දැනේ. එය අතිශය පිටස්තර සහ ආගන්තුක දෙයක් බවද සහතිකය. කොළරාඩෝ හි සැන් ලුයිස් නිම්නයට UFO නිම්නය යනුවෙන් නමක් පටබැඳී ඇත්තේ අහේතුක ව නොවේ. (Colorado’s San Luis Valley)

“අපි මෙහෙ ආවෙ ගොවිපොළ සතුන් ඇති කරන්න මිසක් පිටසක්වළ යානා දකින්න නෙවෙයි..”ජුඩි මෙසොලින් පවසන්නීය. නමුත් පැමිණි කාරණය පසෙක තබා පිටසක්වළ පිරික්සීම සඳහාම පිරික්සුම් කුලුනක් සාදන්නට ඇයට සිදුවිය.

මෙයට දොළොස් වසරකට පෙර ඇයට හමුවූ නිම්නයේ විසූ හැමකෙනෙකුටම පිටසක්වළ බලවේග පිළිබඳ අත්දැකීම් තිබුණේය. කලකට ඉහත, කොළරාඩෝ නිම්නයේ දේපළ වෙළඳාම් සමාගමක් සිය දේපළ මිලදී ගන්නා තැනැත්තන්ගෙන් ඉල්ලා සිටියේ සමාගම වගකීමෙන් මුක්ත කරවන ප්‍රකාශයක් ද අත්සන් කරන ලෙස ය. නිම්නයේ හඳුනා නොගත් පියාඹන වස්තූන්ගේ ක්‍රියාකාරිත්වයක් එහි තිබෙන බව තමන් දැනසිටි බවටය, ඒ.

මේ අනුව කොලරාඩෝ ප්‍රාන්තයේ අද වන විට පියාඹන පීරිසි හෝ හඳුනා නොගත් පියාඹන වස්තූන් සඳහාම වෙන්වූ නිරීක්ෂණ කුලුනක් තිබේ. එය ගිම්හානයේදී විවෘත කරයි. ශීත සෘතුවලදී වසා දමයි.මුල් කාලයේ එහි සිට බලන විට හුදෙකලා අධිවේගී මාර්ගයේ යනෙන මෝටර් වාහන හැර අන් කිසිවක් නොපෙනුණේය. නමුත් 2012 නොවැම්බරය වන විට පිටසක්වළ වස්තූන් 67 ක් ඔවුන් ට දර්ශනය වී ඇත. වරක් එක් රාත්‍රියක තිත්ත කලු අහසේ වැරදීමකින් හෝ පියාඹන පීරිසියක් යාවිදැයි බලා සිටි නිම්නවාසීන් හතළිහකට ආසන්න පිරිසක් ඉදිරියේ හඳුනා නොගත් වස්තුවක් දර්ශනය විය.එය මුලින් ම දුටුවේ ඇඳි පුටුවක අසුන් ගෙන අහස දෙස නෙත් යොමා සිටි කාන්තාවකි. හිටිවනම ඇය කෑ ගෑවාය. අහස් කුසේ අතිශය උසින් පියාඹන වස්තූන් ද්විත්වයක් උතුරු දෙසට සෙමෙන් පියාසර කරමින් තිබුණේය. ඉන්පසු කඳුවැටියේ මැද හරියට වන්නට එක් වස්තුවක් නතර වී අනෙක තමා අසලට එනතෙක් බලා සිට ඉක්බිති විදුලි වේගයෙන් ඉගිලී ගියේය. අහස් කුස නැවතත් අත්‍යන්ත අන්ධකාරය තුළ ගිලී ගියේය. තවත් වරෙක වල්ගා තරුවක් කඩා වැටෙමින් තිබූ නමුත් කඳුවැටිය ආසන්නයේදී එය නතර වී සෙමෙන් පාවෙන්නට පටන් ගත්තේය. එහෙත් ඉන්පසු එය හිටිවනම විදුලි වේගයෙන් අහස ට ඇදී ගියේය. එනිසා එය වල්ගා තරුවක් වන්නට කොහෙත්ම ඉඩ නැති විය.

The UFO watchtower in Colorado’s San Luis Valley

ජෝ යන්ග් මේ නිම්නයේ උභයජීවී උද්‍යානයේ කළමනාකාරවරයා ය. ටෙක්සාසයේ උපන් නමුත් සය මසක් ගිය තැන සිට ඔහු සැන් ලුයිස් නිම්නයේ වාසිකයෙකි. නිරීක්ෂණ කුලුනේදී දක්නට ලැබෙන දෑ ගැන ඔහු ද සාක්ෂි දරයි. වාර්තාගත ඉතිහාසයේ පිටසක්වළ ප්‍රහාරයට ලක්වූ ප්‍රථම ජීවියා ලෙස සැලකෙන්නේ ස්නිපී නමැති අශ්වයා ය. 1967 සැප්තැම්බර් මස මේ නිම්නයේම පිහිටා තිබෙන මවුන්ට් බ්ලාන්ක් කඳු පාමුල ගොවිපොළක සිටි තුන් හැවිරිදි ස්නිපී නමැති වෙළඹ හදිසියේම අතුරුදන් වූවාය. දින දෙකකට පසු ඇගේ මළකඳ සොයාගත්තේය. වෙළඹගේ ශරීරයේ උරහිස්වල සිට දෙකන් දක්වා මස, පිහියකින් කපා දැමුවාක් මෙන් සුපැහැදිලි ව ඉවත් කර තිබුණේය. ඒ අසලක මනුෂ්‍ය වාසයක් නොතිබුණේය. සතෙකුගේ ප්‍රහාරයක එල්ල වූ බවක් ද නොපෙනුණේය. ලේ පැල්ලමක් හෝ දක්නට නොලැබුණේය. නමුත් වෙළඹගේ සිරුර අවටින් අසාමාන්‍ය ලකුණු හමුවිය. ඇගේ පියවර ලකුණු අවසන් වූ තැන සිට මීටර සියයක් පමණ ගිය තැන විශ්කම්භයෙන් අඩි තුනක් පමණ කවාකාර සලකුණක් විය. එය පියාඹන පීරිසියක සලකුණක් යැයි විශ්වාස කෙරෙයි. මෙයට සිව් වසරකට පෙර ජෝ යන්ගේ ගේ සත්වෝද්‍යානයෙන් ද පැස්බරෙකු අතුරුදන් විය. ස්නිපී ගේ කතාන්දරය දන්නා නිසා ජෝ සිය නැති වූ සත්වයා පිළිබඳ බලාපොරොත්තු අත් හැර ගත්තේය.

සැන් ලුයිස් නිම්නය භූගත උනුදිය ක්‍රියාකාරිත්වය අධික කලාපයකි. එයට අන්තරීක්ෂයේ නොපෙනෙන බලවේග ආකර්ෂණය වන්නට ප්‍රධානතම හේතුවක් ලෙස නිම්න වැසියන් සලකන්නේ එයයි. නමුත් එම කරුණ විද්‍යාත්මක ව සනාථ කළ යුත්තකි. කෙසේ නමුත් කොලරාඩෝ හි සැන් ලුයිස් නිම්නය එහි වෙසෙන කුඩා ජනගහනයට සාපේක්ෂව අති දැවැන්ත හිස් අවකාශයකින් සමන්විත ය. නමුත් ප්‍රදේශයේ උස අධික හෙයින් තිබෙන්නනේ තුනී වායුගෝලයකි. මෙහි අහස සුපැහැදිලි ය. වායු දුෂණය අවමයකි. මේ නිසා දහවල් කාලයේදී වුවත් හඳුනා නොගත් පියාඹන වස්තූන් දුටු අය මෙහිදී හමුවීම අසීරු නොවේ. නිල් අහස් කුස පාවෙමින් තිබී එක්වරම අතුරුදන් ව යන පීරිසි හැඩයේ යානා දහවල දුටු අය වෙති. බ්ලාන්ක් කඳු මුදුනට ඉහළින් දිලිසීමක් හෝ සෙළවීමක් නොමැතිව ඒකාකාර දීප්තියෙන් යුත් ආලෝක රාත්‍රියේදී දුටු අය මේ නිම්නයේ බොහොමයකි. නිම්නවාසීන් එබඳු ආලෝක හැඳින්වීම සඳහා අබිරහස් ආලෝක යන යෙදුම භාවිතා කරති. ජෝ යන්ග් ද අබිරහස් ආලෝක දුටු අයෙකි. කඳු වැටියේ වම් පස සිට පාවී ආ අබිරහස් ආලෝක තුනක් තත්පර දහයක් ඇතුළත ඔහුගේ ඇස් ඉදිරිපිටම වාෂ්ප වී ගොස් තිබේ.

විවෘත මනසින් කොලරාඩෝවේ රෑ අහස දෙස බලන්න. වටහාගත නොහැකි දහසක් දෑ එහි තරු අතර සිදුවේ.

Sand dunes, stupas and UFOS

 

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

4 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

8 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

16 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

17 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago