මේ වන විට ආසන 650 අතරින් 637 ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.
මේ අනුව ජයග්‍රහණය සඳහා ලබාගත යුතු ආසන 326 ක සීමාව දැනටමත් කොන්සවේටිව් පක්ෂය විසින් පසු කර තිබේ.
බීබීසී පුවත් සේවය පවසන්නේ බොරිස් ජොන්සන් සහ කොන්සවේටිව් පක්ෂය බහුතර ආසන 74 කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගනු ඇති බවයි.
මෙවර බොරිස් ජොන්සන්ගේ මැතිවරණ සටන් පාඨය වූයේ “get Brexit done” යන්නයි. මේ අනුව ලබන මාසයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුතු කඩිනම් වනු ඇතැයි වාර්තා වේ.
ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ ඊයේ රාත්‍රිය හඳුන්වා ඇත්තේ ‘අතිශයින්ම බලාපොරොත්තු කඩ වූ රාත්‍රියක්‘ යනුවෙනි.
ඉදිරි මැතිවරණවලදී තමන් තරග නොකරන බව ද ලේබර් පක්ෂ නායකයා තවදුරටත් සඳහන් කළේය.
Jeramy Corbin | Al Jazeera
2017 මහ මැතිවරණයට සාපේක්ෂව ලේබර් පක්ෂයේ ඡන්ද පදනම මෙවර 8%කින් අඩු වී තිබේ.
මෙම මහමැතිවරණයේ ප්‍රබල හඬක් නැගූ ලිබ්ඩිම් (ලිබරල් ඩිමොක්‍රටික්) පක්ෂයට ද සිතූ තරම් ජයග්‍රහණයක් වාර්තා කර ගත නොහැකි විය.
එහි නායිකාව බවට පත්වූ අද්විතීය පෞරුෂයක් හිමි ජෝ ස්වින්සන් හට ඡන්ද 149 කින් ඇගේ ආසනය වන ඩන්බාටන්ෂයරය අහිමි වී ඇති බව ද වාර්තා වේ.
මේ අනුව, මහා බ්‍රිතාන්‍යයට බ්‍රෙක්සිට් දංගෙඩියෙන් රට ගළවා ගැනීමට තිබූ අවසන් අවස්ථාව ද අහිමි වී ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…