මෙම පුද්ගලයන් රුසියාව, දකුණු අප්‍රිකාව සහ වෙනත් රාජ්‍ය 4ක් නියෝජනය කරන්නන් ය.
මෙසේ සම්බාධක පැනවීම සිදුකර තිබෙන්නේ එරට දූෂණ අක්‍රමිකතා මැඬලීමේ නව වැඩපිළිවෙලක (Global Anti-Corruption Sanctions Regime) එක් පියවරක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම පුද්ගලයින් අතර, රුසියාවේ ප්‍රධාන බදු වංචාවකට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු, දකුණු අප්‍රිකාවේ දූෂණ වලට සම්බන්ධ සහෝදරවරුන් තිදෙනෙකු, සහ අල් කාඩිනල් යන නාමයෙන් ප්‍රසිද්ධ සුඩාන ජාතික ව්‍යාපාරිකයකු වෙති.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රාබ් මහතා අවධාරණය කළේ ලොව කුමන කොනක සිටියද එක්සත් රාජධානියේ කීර්තියට හානි පමුණුවන අන්දමේ දූෂණ අක්‍රමිකතා දක්වන පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව දූෂිත මුදල් භාවිතා කිරීමට එක්සත් රාජධානිය යොදාගන්නා ඕනෑම පුද්ගලයකුට එරෙහිව මෙම සම්බාධක පැනවෙනු ඇති.
රුසියානු ජාතික නීතීඥවරයකු වන සර්ගෙයි මැග්නිට්ස්කි ඉහත රුසියාව සම්බන්ධ වූ ප්‍රධාන බදු වංචාවකට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනා හෙළිදරව් කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට සහාය වූවෙකි.
මැග්නිට්ස්කි ලබා දුන් සේවාව තුළ ඔහු 2008 වර්ෂයේ රුසියාවේදී අත්අඩංගුවට පත්වන්නේ බදු වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වල නියැලෙමින් සිටි අතරවාරයේ යි.
2009 වර්ෂයේදී මැග්නිට්ස්කි මහතා ජීවිතයෙන් සමුගන්නේ අවාසනාවන්ත ලෙස සිරකුටිය තුළදී මයි. එමෙන්ම ඒ මහතා වධහිංසනයට ලක්ව ඇති බවද පසු කලක මානව හිමිකම් කොමිසමක් මඟින් අනාවරණය කරගෙන තිබිණි.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් රාබ් මහතා අවධාරණය කරනු ලැබුවේ මැග්නිට්ස්කි මහතා ලබා දුන් සේවාව තුළ ගෝලීය දූෂණ විරෝධී සම්බාධක රෙජිමය (Global Anti-Corruption Sanctions Regime) පිහිටුවීමට ද ඔහු ආදර්ශයක් වූ චරිතයක් බවයි.
මැග්නිට්ස්කි ගේ දූෂණයට එරෙහි උදාරතර මෙහෙය කිසිදිනක අමතක නොවනු ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
බ්‍රිතාන්‍ය රජය විසින් දූෂණයට එරෙහිව ආරම්භ කළ මෙම ගෝලීය දූෂණ විරෝධී සම්බාධක රෙජිමය නම් වැඩපිළිවෙල එක්සත් ජනපදය ඇතුළු වෙනත් රාජ්‍යයන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.
Dominic Raab Photo: Sky News
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…