කොවිඩ් වෛරසයට එරෙහිව නිපද වූ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් වල ද්විත්ව මාත්‍රාවන් හමුවේ කොවිඩ් වෛරසයේ විකෘතියකින් හටගත් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බවත්, ද්විත්ව මාත්‍රාවට අමතරව ලබා දෙන බූස්ටර් මාත්‍රාවක් හරහා සියයට 70 – 75 ක පමණ ප්‍රමාණයකින් එය පාලනය කළ හැකි බවත් එක්සත් රාජධානිය විසින් හඳුනා ගෙන තිබේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වර්තමානය තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට යොදන පිළිවෙත් වෙනස්වීමකින් තොරව ඉදිරියටත් යෙදුවහොත් මෙම වසරේ දෙසැම්බර් අග වන විට එරට නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවනු ඇති බවයි.
පුද්ගලයන් 581 දෙනෙකු යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල සැලකරමින් එම ආයතනය අවාධාරණය කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් ද්විත්වය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාකළ අන්දමට සාපෙක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන්නේ ඉතා සුළු වශයෙන් බවයි.
කෙසේවෙතත්, බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබා දෙන තෙවන මාත්‍රාව හරහා යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බවත්, තෙවන මාත්‍රාවක් හරහා සියයට 70 – 75 පමණ මෙම ප්‍රභේදය පාලනය කළ හැකි බවට සනාථ වීම ඊට හේතුව බවත් එම ආයතනය පෙන්වා දෙයි.
කෙසේවෙතත් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම මත බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පසුවන පුද්ගලයන්ට මෙම එන්නත් මාත්‍රා ලබා දීම කොපමණ දුරට සාර්ථක ද යන්න සනාථ කර ගැනීමට තවමත් අසමත් වූ බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ පිළිබඳ පැහැදිලි දත්ත ලබා ගැනීමට සති කිහිපයක් ගත වනු ඇති බව ද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සිය නිවේදනය හරහා ප්‍රකාශ කරයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…