එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්-අ-ලාගෝ හි පිහිටි නිවස සෝදිසි කිරීමට එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (Federal Bureau of Investigation: FBI) කටයුතු කිරීමට අදාළව ඒ මහතා අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට යොමුව තිබේ.
මෙසේ FBI ආයතනය විසින් ට්‍රම්ප්ගේ නිවස සෝදිසි කර තිබුණේ එරට ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන තොරතුරු ඇතුළු රජයේ සංවේදී තොරතුරු ඇතුළත් ලේඛන තොගයක් ඔහු ධුරයෙන් ඉවත්ව යෑමේදී නැවත රජයට භාරදෙනු වෙනුවට තමා සන්තකයේ තබා ගනිමින් අපරාධ වරදක් සිදුකර ඇති බවට මතුව ඇති සාධාරණ සැකය මත ය. මෙම සිදුවීම ඇමරිකානු දේශපාලන පිටිය උණුසුම් කිරීමට තුඩුදුන් බව සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ තමා සියලු ලේඛන ආපසු භාර දුන් බවත්, FBI ආයතනය විසින් හඳුනා ගත්තේ යැයි පැවසෙන ලේඛන සියල්ල රහස්‍ය නොවන ලේඛන බවත් ය. එමෙන්ම, එකී ලේඛන නැවත භාර දිය යුතු බවට තමාට දැනුම් දී තිබුණේ නම් තමා එය කල් තියාම සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබිණි.
මීට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නඩු මඟට යොමුව ඇති අතර, මීට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ට්‍රම්ප් ගේ අධිකරණ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ අදාළ ලේඛන ඉදිරිපත් කිරීමේදී හිටපු ජනපති ට්‍රම්ප් එකී ලේඛන රහස්‍ය නොවන (declassified) ලේඛන ලෙස වර්ගීකරණය කළ බවට ඔහුගේ නීතීඥවරයා හෝ භාරකරු තහවුරු කර නොමැති බවත්, එම මොහොතේදී ඔහුට විධායක වරප්‍රසාද ඇති බවට තහවුරු කර නොමැති බවත් ය.
එමෙන්ම, රජයේ වාර්තා සඟවා තබා අදාළ ගබඩා කාමරයෙන් ඉවත්කර ඇති බවටත්, ඒ ඔස්සේ රජයේ විමර්ශන වලට බාධා පැමිණවීමට උත්සාහ දරා ඇති බවටත් සාක්ෂි හමුව ඇති බවට අධිකරණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
අධිකරණ දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ, අදාළ සෝදිසි මෙහෙයුමට අදාළව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් උසාවියක පැවති නඩු වාරයකදී ය.
මෙම ලේඛන වල අඩංගු තොරතුරු මොනවාද යන්න මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නැත.
සබැඳි පුවත්:
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…