මෑතදී චීන යාත්‍රාවක් සහ පිලිපීන වෙරළාරක්ෂක බෝට්ටුවක් අතර තෝමස් ෂෝල් ආසන්නයේ ඇති වූ ගැටුමකින් පසු දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී සහ අනාරක්ෂිත හැසිරීම්වලින් ඉවත් වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් විසින් ඊයේ (29)දිනයේදී ප්‍රරකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, පිලිපීන ආරක්ෂක හමුදාවන්ට හෝ පොදු යාත්‍රාවලට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යංශ්‍ය නිවේදනය කර තිබුණේ, පිලිපීන බෝට්ටු චීනයේ අවසරයකින් තොරව පෙර සැළසුමකට අනුව ප්‍රකෝපකාරී ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති මාකෝස් අවධාරනය කර තිබුණේ, සිය රටේ අයිතීන්ට බලපෑම් කිරීමට චීනයට අවස්ථාව නොදෙන බවත්, කලාපීය වශයෙන් වඩ වඩාත් ආක්‍රමණශීලී චීනය හමුවේ වොෂින්ටනය සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට සැළසුම් කරන බවත්ය.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…