කාලීන

ඇෆ්ගනිස්ථානයට අත නොතබනු ! – පුටින් මල් කළඹක් දෙන ගමන් බටහිර රටවලට කීවේ ඇයි?

‘‘බටහිර ලෝකය පිටරටින් ගෙන එන විදේශීය වටිනාකම් වෙනත් රටවලට පැටවීමේ වගකීම් විරහිත ප්‍රතිපත්තිය නතර කළ යුතු බව‘‘ ද ඔහු කියා ඇත. මේ බව පුටින් පැවසුවේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සිය ධුරයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පැවති සමු ගනීමේ සාදයකට සහභාගි වෙමිනි. එහිදී පුටින් ඇන්ජෙලා හට මල් කළඹක් තිළිණ කළේය.

චීනයට ද පෙර ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය වෙත සහාය පළ කර තිබුණේ රුසියාවයි. රුසියාව ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගත් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක නිරත බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.

රුසියාව මධ්‍යම ආසියාවට දක්වන උනන්දුව

1839–1895 සමයේ රුසියානු අධිරාජ්‍යය මධ්‍යම ආසියාව ඈඳාගෙන සිටියේය. එම කොටස හැඳින්වූයේ ‘රුසියානු තුර්කිමෙනිස්ථානය‘ යනුවෙනි. පසු කලෙක එය ‘සෝවියට් මධ්‍යම ආසියාව‘ ලෙස ද හැඳින්විණි.

19 වන සියවසේ කසාක් තැනිතලාවන් දෙවනත් කළේ රුසියානු අධිරාජ්‍ය හමුදාවයි. දශක ගණනක් තිස්සේ මෙම යටත් කර ගැනීම පැවතිණි.

මේ අතර විසි වන සියවසේදී දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානය සෝවියට් සංගමය සමග මිත්‍ර සබඳතාවක් ගොඩ නගා ගත්තේය. සැබවින්ම ඇෆ්ගනිස්ථානයේ සංවර්ධන කටයුතු රාශියකට ද සෝවියට් සංගමය එකල සහයෝගය ලබා දී තිබේ. 1978 වසරේ ඔවුහු දෙරට අතර මිත්‍රත්ව ගිවිසුමකට ද අත්සන් තැබූහ. නමුත් එයට වසරකට පසු එනම් 1979 වසරේදී Operation Storm-333 යනුවෙන් ඇෆ්ගනිස්ථානය වෙත රුසියාව සිය සැබෑ මුහුණ පෙන්වූයේ ටජ්බෙග් මාළිගය ආක්‍රමණය කරමිනි. 1979 දෙසැම්බරයේ එල්ල වූ මෙම ප්‍රහාරයේ අරමුණ වූයේ ඇෆ්ගන් ජනපතිවරයා ඝාතනය කිරීමයි.

Operation Storm-333

ඒ අනුව දෙරට අතර පැවති ගිවිසුම්ගත මිත්‍රත්වය ආක්‍රමණයක් දක්වා වෙනස් විය. ඇතැම් විචාරකයන්ට අනුව, ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාම් මූලධර්මවාදී සංචරක සහ බලවේග නිර්මාණය වීමට මූලික සාධකයක් වූයේ මෙම රුසියානු ආක්‍රමණයයි. මේ අතර, රුසියාව ඇෆ්ගනිස්ථානය සමග උපක්‍රමික රාජ්‍ය සබඳතා පවත්වා ගනිමින් 1992 වසර දක්වා පැවති ඇෆ්ගන් රජයන්ට ද සහාය ලබාදුන්නේය. 1992 වසරේදී රුසියාවේ සහාය දිනාගත් ඇෆ්ගන් ආණ්ඩුව බිඳ වැටුණේය. නමුත් පසුව එම සබඳතා ශක්තිමත් විය. අද වන විට රුසියාවේ මොස්කව් නුවර ඇෆ්ගන් තානාපති කාර්යාලයක් තිබේ. ඇෆ්ගනිස්ථානයේ ද රුසියානු තානාපති කාර්යාලයක් තිබේ.

රුසියාව සමග ඇෆ්ගනිස්ථානය මිත්‍ර සබඳතාවක් මෑත ඉතිහාසය තුළ පවත්වාගෙන ගිය බවට හොඳින්ම පෙනී ගිය උදාහරණයක් වූයේ රුසියාව විසින් 2014 වසරේදී සිදුකළ ක්‍රිමියාව ඈඳා ගැනීමයි. ලෝකයෙන් බහුතර රටවල් මෙය ආක්‍රමණයක් ලෙස හෙළා දකිද්දී ඇෆ්ගනිස්ථානය වහාම ක්‍රිමියාව තුළ රුසියාවේ රාජ්‍යත්වය පිළිගත්තේය. මේ අන්දමින්ම අද වන විට රුසියාව ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් රාජ්‍යත්වය පිළිගෙන තිබෙන්නේ සිය ඉතිහාසගත සතුරා වන ඇමරිකා එක්සත් ජනපදයට විරෝධය පෑමක් ද ලෙස ය.

උද්ගත ව ඇති තත්වය තුළ ඇෆ්ගන් දේශසීමාවන්ට රුසියානු හමුදාව යෙදවීමේ සැලසුමක් ද තිබේ.

කෙසේ නමුත් අප සිහිතබා ගත යුතු කාරණය වන්නේ අද වන විට විදේශීය මැදිහත්වීම් සහ විදේශීය කුමන්ත්‍රණ ගැන කියන පුටින්ගේ රුසියාව, අතීතයේ පටන්ම ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ද කර ඇත්තේ එයම වන බවයි. එකම වෙනස, රුසියාව බටහිර රටක් නොවීම පමණි.

Share

Recent Posts

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 hour ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

16 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

20 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago