අනාගත සෞඛ්‍ය අර්බුද වැඩි වැඩියෙන් දේශගුණය ආශ්‍රිත ව්‍යසන සමඟ ගැටිය හැකිවුද, ඒ වෙනුවෙන් කිසිදු රටක් සූදානම් නොමැති බව ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති (IFRC) අනතුරු අඟවා තිබේ.
ඊයේ(30)දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද 2022 ලෝක ආපදා වාර්තාවට අනුව, COVID-19 වසංගතය හේතුවෙන් කුරිරු වසර 03ක කාලයක් ගෙවා නිම කළද කිසිදු රටක් එළඹිය හැකි අවධානමක් වෙනුවෙන් සිය ආරක්ෂණ ක්‍රියාවලීන් යාවත්කාලීන කර නොමැත් බව එහි සඳහන් විය.
පසුගියදා COVID-19 ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තුන්වන සංවත්සරයේදී නිවේදනය කර තිබුණේ ද ඉදිරි අර්බුදයක් වෙනුවෙන් දේශීය ජාලයක සුරක්ෂිතතාවය අත්‍යාවශ්‍ය වන බවයි.
ලෝකයේ විශාලතම ආපදා ප්‍රතිචාර ජාලය වන(IFRC)හි මහලේකම් ජගන් චාපගේන් දේශගුණය ආශ්‍රිත ව්‍යසන සහ තරංගවල වැඩිවීම උපුටා දක්ව පැවසුවේ, මීළඟ වසංගතයක් වෙනුවෙන් අපගේ පියවරයන් ඉක්මන් නොකරන්නේ නම්, සමාජයේ ඔරොත්තුදීමේ හැකියාව බිඳී යනු ඇති බවයි. මේ වන විටත් ආන්තික කාලගුණික සිදුවීම් නිතර නිතර හා තීව්‍ර ලෙස වර්ධනය වන අතර ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අපගේ හැකියාව සීමිත වන අතර, විවිධ ආකාරයේ ව්‍යසනයන් එකවර සිදු විය හැකි බැවින් ඒවා සඳහා සිය සැළසුම් යාවත්කාලීන කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇති බවයි.
ලෝක ආපදා වාර්තාවට අනුව 2023 වසර අවසානය වන විට හෝ සංශෝධිත ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සම්මත කළ යුතු වන අතර, රටවල් විසින් දේශීය සෞඛ්‍ය මූල්‍යකරණය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 කින් සහ ගෝලීය සෞඛ්‍ය මූල්‍ය අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 15 කින් වැඩි කරන ලෙස නිර්දේශ කර ඇත.
සශිකලා මධුෂාණී_
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…