කාලීන

ගත වූ වසර 2 තුළ ලෝකයේ සාගින්න දෙගුණ වෙලා – සාගතය තුළ ලක්ෂ 5 ක ජනතාවක්!

වෙනත් වචනවලින් පවසන්නේ නම්, ගතවූ දෙවසරක කාලය තුළ ලෝකයේ ආහාර ආරක්ෂාව හෙවත් ෆුඩ් සිකියුරිටි, දෙගුණයකින් පල්ලම් බැස තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙසට බිහි වී තිබෙන්නේ සාගින්නෙන් පසුවන ලෝකයකි.

ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මේ අදහස් පළ කළේ ආහාර ආරක්ෂාවේ අර්බුදය පිළිබඳ ‌ලෝක නායකයන් සමග පැවති රැස්වීමකදී ය.

මේ අනුව, කොරෝනා වෛරස් වසංගතය ලෝකය වෙළා ගැනීමට පෙර ආහාර ආරක්ෂාව පිළිබඳ අර්බුදයට ලෝකයේ මිලියන 135 ක ජනතාවක් මුහුණ දී සිටි අතර, එය මේ වන විට මිලියන 276 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, සාගතමය තත්වයන් තුළ ජීවත් වන ජනතාව 2016 සිට මේ දක්වා 500%කින් ඉහළ ගොස් ඇති අතර, දැන් ලෝක ජනගහනයෙන් ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් සාගතයට හසුව සිටිති.

”අපට යාමට තිබෙන්නේ දිගු අසීරුකර මාර්ගයක ය” යැයි ද අන්තෝනියෝ ගුටරෙස් ජගත් සංවිධාන ප්‍රධානියා තවදුරටත් පැවසීය.

Food security හෙවත් ආහාර ආරක්ෂාව කියන්නේ මොකක්ද?

ආහාර ආරක්ෂාව නූතන ලෝකයේ දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවකි. ආහාරවල සුබලත්වය සහ එම ආහාරවලට ප්‍රවේශ වීමට තනි පුද්ගලයන්ට ඇති හැකියාව එමගින් මනිනු ලබයි. ජගත් සංවිධානයේ ආහාර ආරක්ෂාව පිළිබඳ කමිටුවක් 1974 වසරේ පටන් ක්‍රියාත්මක ය. ඔවුන්ගේ අර්ථ දැක්වීමට අනුව මෙම ආහාරවලට ඇති ප්‍රවේශය භෞතිකව, සමාජයීය වශයෙන් සහ ආර්ථික වශයෙන් පැවතිය යුත්තකි. පන්තිය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය හෝ ආගම වැනි බෙදුම්වලින් තොරව සැමට එම ප්‍රවේශය ලබාගත හැකි වීම මෙහි වැදගත්ම ලක්ෂණයයි.

වසර දහස් ගණනක් මුළුල්ලේ ලෝකයේ හැඩතල වෙනස් කළ එක් ප්‍රධාන සාධකයක් වූයේ සාගින්නයි. පුරාණ චීනය සහ පුරාණ ඊජිප්තුව, සිය වැසියන් සාගින්නේ පසුවන හැම විටම මධ්‍යම සංචිතයේ තබාගෙන තිබූ ආහාර, තොග පිටින් මුදා හැරි බව ඉතිහාසයේ සඳහන් වේ.

කෙසේ නමුත් මේ වන විට ලෝකයේ එබඳු පාලකයන් ඉතා විරල අතර, සිටින්නේ, ලෝක‌යේ හතර දිග්භාගයේ මිනිසුන් සාගින්නෙන් මැරෙමින් වැටෙද්දී තමන්ට උවමනා පමණටත් වඩා ඉස්මුරුත්තාව හැදෙන තෙක්ම කා බී ”ඒක උන්ගෙ කරුමේ’යැයි පවසන වරප්‍රසාදී කොටස් ය.

මේ අතර, ලෝක‌යේ විශාලතම තිරිඟු පිටි අපනයනකරුවා වූ යුක්රේනය මේ වන විට මැදි ව සිටින දැවැන්ත යුද්ධය තුළ මේ තත්වය තවත් දරුණු වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ද පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ 2022 අගෝස්තු මාසයේ පටන් මේ රට තුළ ද ආහාර හිඟයක් ඇති විය හැකි බවයි. දැනටමත් ජනතාව අත්‍යාවශ්‍ය ආහාර සඳහා පෝලිම් ගැසී ඇති වකවානුවක් තුළ මේ තත්වය විසින් රට කොතරම් සාගතයකට ඇද දමනු ඇත්දැයි කියන්නට තවම කල් වැඩි ය.

 

Main photo: IFPRI

Share

Recent Posts

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

3 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

4 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

4 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

4 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

17 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

21 hours ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago

ස්පාඤ්ඤයේ අගමැතිගේ බිරිඳට දුෂණ චෝදනා එල්ල වේ

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…

2 days ago

ඉරානය සමඟ ගනුදෙනුව පරෙස්සමෙන්; ඇමරිකාව පකිස්ථානයට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..

3 days ago