මේ වන විට චීනයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රදේශවල විදුලි පරිභෝජනය වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බව චීනයේ විදුලි කවුන්සිලය වාර්තා කර තිබේ.
ඉරිදා සහ සඳුදා දිනවල සෙල්සියස් අංශක 40 ක උපරිම උෂ්ණත්වය ද ඇතුළුව, 37C ට වැඩි උපරිම උෂ්ණත්වයක් සතියක් මුළුල්ලේම චීනයෙන් වාර්තා වූ අතර නිවාස සිසිල් කිරීම වෙනුවෙන් විදුලිය අධික වශයෙන් මෙම දින කිහිපය පුරා වැය වී ඇත.
සඳුදා (25) දිනයේදී , ඉහළ උෂ්ණත්වයන් සඳහා රතු අනතුරු ඇඟවීම් 21 ක් සහ තැඹිලි අනතුරු ඇඟවීම් 140 ක් නිකුත් කරන ලදී, ප්‍රධාන වශයෙන් ගිනිකොන දෙසින් සහ ෂින්ජියැන්ග් ඇතුළු බටහිර දෙසින්. Zhejiang, Fujian, Jiangxi සහ Hunan සඳහා 40C ට වැඩි උෂ්ණත්වයක් පුරෝකථනය කර ඇති අතර, ගිනිකොන දෙසින් වැඩි වශයෙන් දින 10 ක් පමණ ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇතැයි ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය අඟහරුවාදා අනතුරු ඇඟවීය. ඒ අනුව මෙම සතිය අවසාන වන විට පැවතියාටත් වඩා ඉහළ විදුලි පරිභෝජනයක් සිදුවෙතැයි චීනයේ විදුලි කවුන්සිලය අපේක්ෂා කරයි.
යුක්රේන ගැටුම විසින් උග්‍ර කරන ලද ගෝලීය අර්බුදයක් මධ්‍යයේ,ගල් අඟුරු කේන්ද්‍ර කරගත් බලශක්ති සැපයුමක් කරා ආපසු ගිය රටවල් කිහිපයක් අතර චීනය ද වේ. ආන්තික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ යාම සහ ගල් අඟුරු හිඟය, චීනයට බරපතල තර්ජනයක්ව ඇත.
ඉල්ලුමට සාපේක්ෂන ප්‍රමාණවත් ලෙස විදුලිය ජනනය කිරීම මේ වන විට අභියෝගයක්ව ඇති අතර මේ හේතුව නිසා චීනයේ විදුලිය නිරන්තරයෙන් බිඳ වැටෙන තත්වයකට පත්ව තිබේ. පසුගිය සතියේ චීනයේ විදුලි කවුන්සිලය වාර්තා කළේ 2022 පළමු භාගයේදී ජාතික බලශක්ති පරිභෝජනය වසරින් වසර 2.9% කින් ඉහළ ගොස් ඇති බවයි. ජුනි මාසයේදී පමණක් එය 4.7% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්ය.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…