රූසෝ සහෝදරයන්ගේ ඇවෙන්ජර්ස් 3(Avengers 3) හෙවත් ඉන්ෆිනිටි වෝ(Infinity War) චිත්‍රපටයේ වූ අදහාගත නොහැකි අවසානයත සමග Marvel රසිකයන් සියලු දෙන බලා සිටියේ අලුත්ම මෙන්ම ශක්තිමත්ම MCU වීරයා (කැප්ටන් මාර්වෙල් ) චිත්‍රපටය හා ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය වෙනුවෙනි.
කැප්ටන් මාර්වෙල් චිත්‍රපටය Anna Boden, Ryan Fleck ගේ අධ්‍යක්ෂණයෙන් 2019.03.08 වන දින සිට තිරගත කිරීමට නියමිතය. එමෙන්ම ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය 2019.05.03 දින සිට තිරගතවනු ඇත. එසේ මංගල ප්‍රදර්ශනය වෙනුවෙන් දිනයක් නිවේදනය කර තිබුණද ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම නිවේදනය කොට නොතිබුණි. නමුත් ඊයේ දිනයේ පටිගත කෙරුණු The Tonight Show වැඩසටහනට ආරාධිත රංගන ශිල්පියා ලෙස පැමිණි ඇවෙන්ජර්ශී හල්ක් චරිතයට පණ පොවන මයික් රෆෙලෝ ඒ සියල්ල අවුල් කර උඩු යටිකුරු කළේය. ඒ The Tonight Show හී නිවේදකයා අසන ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් චිත්‍රපටයේ නම හෙළි කරමිනි.
මයික් අතින් සිදුවුණු වරද පිලිබදව සටහන් කරමින් ඔහු රූසෝ සහොයුරන්ට ට්විටර් පණිවුඩයක් යවා තිබුණු අතර ඔවුන් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ “මයික් ඔබව ඉවත් කළා” යනුවෙනි.
ඊයේ දින උදෑසන ක්‍රිස් එවන්ස් හෙවත් කැප්ටන් ඇමරිකා, එය තමා මාර්වෙල් හී කැප්ටන් ඇමරිකා චරිතයට පණ පොවන අවසන් දිනය බව දන්වමින් ප්‍රකාශයට පත්කළ ට්වීටර් පණිවුඩයෙන් පසු කනස්සල්ලට පත්ව සිටි මාවෙල් රසිකයන්ට මයික්ගේ මේ හෙලිකිරීම සැබෑ ආශ්වාදයක් ඇතිකරන්නට සමත් විය.
එමෙන්ම මයික් රෆෙලෝගේ ඉල්ලීම මත The Tonight Show හී සංස්කාරක වරුන් එම ප්‍රකාශය සංස්කරණය කොට ප්‍රකාශයට පත් කොට ඇත. කෙසේවෙතත් නිල නොවන පුවත් පවසන්නේ ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම ඇවෙන්ජර්ස්-ඇනයිලේශන් (Avengers Annihilation) බවයි. ඒ කෙසේ වෙතත් ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම අද දින රාත්‍රියෙ නිල වශයෙන් නිවේදනය කරන බව රූසෝ සහෝදරයන් ප්‍රකාශයට පත්කොට ඇත.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…