ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම තුර්කි ජනාධිපති එර්ඩොකාන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේනයේ පාර්ශවය භාරව කටයුතු කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සහ ගනුදෙනුවේ රුසියානු පාර්ශවය භාරව සිටින එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දිනයේදී (22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගිවිසුම හඳුන්වා තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයක් වශයෙනි.
මෙහිදී යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කළු මුහුදේ වරායන්හි අවම වශයෙන් ධාන්‍ය ටොන් මිලියන 22ක් පමණ සිරවී ඇති හෙයින් ඒවා සුරක්ෂිතව අපනයනය කිරීම මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අතර එය ලෝකයටම සුභාරංචියක් විය.
නමුත් අද වන විට තත්වය වෙනස් ය.
අද උදෑසන වන විට ධාන්‍ය අපනයනය කිරීමට නැව්ගත කරන වරාය නගරය ආශ්‍රිතව පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ. ගිවිසුම කඩකරමින් මොස්කවුහි ගුවන් ප්‍රහාර නැවත යුක්රේනයට එල්ල වෙමින් ඇත. මේත් සමඟ නැවත වරක් ලෝකයේම විවේචන රුසියාවට එල්ල වෙමින් ඇත.
පසුගිය දා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වාර්තාවේ 2022 සංස්කරණයට අනුව පසුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ. මෙම සංඛ්‍යාව යුක්රේන යුද්ධය හේතුවෙන් මෙම වසර දෙගුණ තෙගුණ වවනු ඇති බව ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…