විශේෂාංග

පාර්ටිගේට් නිසා දුෂ්ටයකු වූ, යුක්රේනය නිසා වීරයකු වූ බොරිස් ජොන්සන්ට දඩ වදිද්දී තමා වරදක් කළ බව මතක් වෙලා!

ආන්දෝලනාත්මක පාර්ටිගේට් සිදුවීමට අදාළව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඔහුගේ බිරිඳ කැරී ජොන්සන් සහ චාන්සල්වරයකු වන රිෂී සුනාක්ට දඩ නියම කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මීට වසර එක හමාරකට පමණ ඉහත බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබූ වාතාවරණයක පනවා තිබූ සෞඛ්‍ය විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් නො.10 ඩවුනිං වීදියේ තම කාර්යාලයේ රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාද මාලාවක් පැවැත්වීමට අදාළවයි එම දඩයන් පැනවීමට කටයුතු කර තිබෙන්නේ.

ලොක්ඩවුන් නීති උල්ලංඝනය කිරීමට විරුද්ධව මෙම දඩයන් පැනවෙන බව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා, ඔහුගේ බිරිඳ කැරී සහ චාන්සල් රිෂී වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම, මෙම දඩයන් පිළිබඳව තහවුරු කරමින් නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලය විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා නීතිය කඩකිරීමේ චෝදනාවට වරදකරු වන බ්‍රිතාන්‍යයේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසගත වනවා.

නො. 10 ඩවුනිං වීදිය කාර්යාල පරිශ්‍රය – ඡායාරූපය: රොයිටර්

මීට අදාළව කැබිනට් විමර්ශනයක් දියත් කර තිබූ අතර, මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් ද දීර්ඝ විමර්ශනයක් දියත් කර තිබුණා. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය නියෝජනය කරන නිලධාරීන් අතින් ‘සාධාරනීකරණය කිරීමට නොහැකි’ අන්දමේ වරදක් සිදුව ඇති බවට පළමු වරට නිගමනය කළේ කැබිනට් විමර්ශනයයි. මෙම විමර්ශනය සිදුකරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මිය විසින්. ඇගේ වාර්තාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් කරනු ලැබුවා පමණක් නොවෙයි, දක්ෂිණාංශික දේශපාලනයේ සැඟවුනු රකුසා එළියට මතුකිරීමට පවා සමත් වුනා.

කියවන්න: සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?

පාර්ටිගේට් සිදුවීම වටා ගෙතුනු සියලු චෝදනා මුල දී බොරිස් ජොන්සන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. අනතුරුව ඒ පිළිබඳව ප්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිළිතුරු සපයනු වෙනුවට විපක්ෂයට තඩි බෑමේ තක්කඩි දක්ෂිණාංශික කලාව ඔහු විසින් නිරූපණය කරමින් තිබුණා. ඉන් ද අනතුරුව මෙට්‍රොපොලිටන් පොලීසියේ විමර්ශන අවසාන වනතුරු සියල්ල ඉවසා වදාරන ලෙස ඔහුගෙන් ප්‍රශ්න කළ සෑම දෙනෙකුටම බොරිස් ජොන්සන් පවසා තිබුණා.

බොරිස් ජොන්සන්ගේ උපන්දින සාදය / 2020 ජූනි – ඡායාරූපය: ද මිරර්

මෙම සිදුවීම බ්‍රිතාන්‍යය තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකරවීමේ අවදානමක් මතුකරන තත්ත්වයටම උත්සන්න වූයේ විපක්ෂය පමණක් නොව පාලක පක්ෂය වූ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ද විවේචන එල්ල වීම ආරම්භ වූ මොහොතේ පටන්. එමෙන්ම, බ්‍රිතාන්‍ය පරිපාලන අංශයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම සිදුවීම නිසා ඉල්ලා අස්වූවා. මේ අතර මුනිරා මිර්සා ගේ ඉල්ලා අස්වීම වඩාත් කැපී පෙනුනා. බොරිස් ජොන්සන් ගේ දකුණු අත මෙන් වූ, බොරිස් ජොන්සන් ම පවසන පරිදි ඔහුගේ මණ්ඩලයේ ප්‍රභලතම කාන්තාවන් පස්දෙනාගෙන් එක් අයෙකු වූ මුනිරා තම ඉල්ලා අස්වීම සමඟ බොරිස් ජොන්සන් ගේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කලකිරීම ප්‍රකාශ කර සිටියා. තත්ත්වය තවත් බරපතල කරමින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග ලිපි ඉදිරිපත් වීම ද ඇරඹුනා.

කියවන්න:

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

පාර්ටිගේට් ජරමරය: සොරි කියපු බොරිස් ජොන්සන්ට මෙට්‍රොපොලිටන් පොලීසියෙන් නෛතික ප්‍රශ්නමාලාවක්!

නමුත් බොරිස් ජොන්සන්ට පොඩි ඉල්ලමක් පෑදුනු අන්දම ඔබට මතක ඇති. රුසියානු – යුක්රේන යුද්ධය ඇරඹුනා. මෙහිදී බ්‍රිතාන්‍යය කොන්දේසි විරහිතව යුක්රේන පාර්ශවය සමඟ හිටගත්තා. රුසියානු ජනපති ව්ලැද්මිර් පුටින්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත ප්‍රකාශ කරමින් යුක්රේනයට සහාය පළ කිරීමේ මෙහෙයුම ඔහු ආරම්භ කළා. යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමට බ්‍රිතාන්‍යය පියවර ගත්තා; රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළා. පාර්ටිගේට් ජරමරය නිසා දුෂ්ටයකු වූ දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩියකු වූ බොරිස් ජොන්සන් එක රැයින් වීරයකු බවට පත්වූවා.

කියවන්න:

යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

පාර්ටිගේට් ජරමරය: සද්දයක් නැති මෙට්‍රොපොලිටන් පොලීසිය රුසියාවේ ඔත්තුකාරයෙක් ද?

පාර්ටිගේට් ජරමරයට අදාළව මෙසේ විවිධ අවස්ථාවන් වල පුවත් මතුවුනා. බොරිස් ජොන්සන් අග්‍රමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මතවාදයක් එක් පසෙකින් තැනෙද්දී, යුක්රේන අර්බුදය නිසා යුරෝපීය කලාපය තුළ බ්‍රිතාන්‍යයේ නියෝජනය තිබිය යුතු බැවින් බොරිස් ජොන්සන් තවදුරටත් ධුරයේ සිටිය යුතු බවට තවත් පසෙකින් මතවාදයක් තැනුනා. බොරිස් ජොන්සන් ට පක්ෂපාතී මාධ්‍ය විසින් යුක්රේන අර්බුදය නිසා පාර්ටිගේට් විමර්ශන නවතා දැමිය යුතු බවට ද මතවාදයක් නිර්මාණ කිරීමට උත්සාහ කළා.

නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලයට මත්පැන් බෝතල් 34 පැටවිය හැකි ශීතකරණයක් රැගෙන යන අයුරු / 2020 දෙසැම්බර් 11 – ඡායාරූපය: ඩේලි මේල්

කෙසේවෙතත්, දැන් මෙට්‍රොපොලිටන් පොලීසිය තම විමර්ශනය හරහා බොරිස් ජොන්සන් වරදකරු බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දඩ ගහපු නිසා වරද පිළිගෙන…?

බොරිස් ජොන්සන් මෙම සිදුවීමට අදාළව සමාව භජනය කර ඇති බවයි අද (13) දින පළවු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඔහු තම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා විටින් විට පවසා සිටියේ මෙට්‍රොපොලිටන් පොලීසියේ විමර්ශනය අවසාන වන තුරු මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. දැන් මෙට්‍රොපොලිටන් පොලීසිය සිය නිගමනය ප්‍රකාශයට පත්කර ඇති බැවින් බොරිස් ජොන්සන් පවසන්නේ මෙවන් දෙයක්..

“මීට අදාළ දඩය මා විසින් ගෙවනු ලැබුවා, නැවත වරක් මම සම්පූර්ණයෙන් සමාව අයැද සිටිනවා. මට අවශ්‍ය වන්නේ මට ලැබී ඇති ජනවරමට අනුව කටයුතු කිරීම පමණක් නොවෙයි, මේ මොහොතේ රට මුහුණ පාන ප්‍රශ්නවලට මුහුණ දීමටත් මට අවශ්‍ය වනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් නැඟී සිටීම සහ එය ලබා දීම මගේ කාර්යය බව මම විශ්වාස කරනවා. මම කරන්න යන්නේ එයයි.”

පාර්ටිගේට් සිදුවීම සම්බන්ධයෙන් ගොනුවූ චෝදනා මුලදී තරයේ ප්‍රතික්ෂේප කළ බොරිස් ජොන්සන් වරින් වර පුන පුනා කියා සිටියේ සියලු කොවිඩ් විධිවිධාන නිසි පරිදි අනුගමනය කළ බවයි. දැන් පවසන්නේ එදා සාදයට සහභාගී වූ මොහොතේ තමා කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කරන බව තමාට අවංකවම නොවැටහුනු බවයි. ඒ අනුව තමා කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම සාදයට සහභාගී වූ බවට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දැන් පවසනවා.

ඒ අනුව තමා කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කළ බව දඩයක් නියම වන තුරුම නොවැටහීමට බොරිස් ජොන්සන් එතෙක් සිහිවිකල්ව සිටියා විය යුතු ය.

කාර්යාල පරිශ්‍රයේ සාදයක් අතරවාරයේ / 2020 මැයි 15 – ඡායාරූපය: ද ගාඩියන්

විරෝධය දිගටම..

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොඩනැඟෙන විරෝධය උත්සන්න වී ඇතිබවක් තමයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. යුක්රේන අර්බුදයයි පාර්ටිගේට් විමර්ශන අවසන් වනතුරු මෙට්‍රොපොලිටන් පොලීසිය පවත්වා ගත් නිහඬ බවයි මැද මේ විරෝධතා වලට යම් නොනගත කාලයක් ලැබුණු මුත් දැන් යළිත් දේශපාලන පිටිය උණුසුම් වන බවක් දක්නට ලැබෙනවා.

ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය දිගින් දිගටම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සහ චාන්සල් රිෂී සුනාක් ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටිනවා. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක ශ්‍රීමත් එඩ් ඩේව් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි ඇති විශ්වාසය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස බලකර සිටිනවා.

නමුත් මෙම විරෝධය තුළ වඩාත් කැපී පෙනෙනම විරෝධය මතුවන්නේ නිකෝලා ස්ටර්ජන් සහ මාර්ක් ඩ්‍රේක්ෆෝර්ඩ් ගෙන්. නිකෝලා ස්කොට්ලන්තයේ ප්‍රථම අමාත්‍යවරිය වන අතර මාර්ක් වේල්සයේ ප්‍රථම අමාත්‍යවරයායි. එම දෙපාර්ශවයම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර සිටිනවා. එම විරෝධය බොරිස් ජොන්සන්ට ඉතාමත් තීරණාත්මක වනු ඇති.

මේ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂය ද පාර්ලිමේන්තුව යළි කැඳවා සිටින ලෙස බලකර සිටිනවා.

මෙට්‍රොපොලිටන් විමර්ශනයේ සම්පූර්ණ සොයාගැනීම් සහ වාර්තා තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා, ඔහුගේ බිරිඳ කැරී ජොන්සන් සහ චාන්සල් රිෂී සුනාක්ට එරෙහිව දඩ නියම කිරීමක් පමණයි සිදුව තිබෙන්නේ. නමුත්, මෙම පාර්ටිගේට් ජරමරයට පාර්ශව ගණනාවකගේ සබඳතා ඇති බවට සාක්ෂි ගොනුවී තිබෙනවා.

මෙට්‍රොපොලිටන් අවසන් වාර්තාව නිකුත් වී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ද යළි කැඳවූ මොහොතක බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට විසුමක් නම් නොවනු ඇති බව දැන්ම පටන් ඉඳුරාම කිව හැකියි..

ප්‍රමෝද් චින්තක පීරිස්

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

5 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

8 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

17 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

17 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago