අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
දිගින් දිගටම එල්ල වන විරෝධතා හමුවේ සිය බලය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහු අසමත් වී තිබේ.
හම්ඩොක්ගේ පාලනය බිඳවට්ටමින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ අතර කෙසේ නමුත් කුමන්ත්‍රණය සඳහා නායකත්වය ලබාදුන් හමුදා සාමාජිකයන් සහ අගමැතිවරයාගේ පාර්ශ්වය අතර ඇතිකර ගත් බලය හුවමාරු ගිවිසුමට අනුව නැවතත් හම්ඩොක් අගමැති තනතුරට පත් කෙරිණි.
කෙසේ නමුත් දිගින් දිගටම එරට වැසියන් හම්ඩොක් පාලනයට එරෙහිව විරෝධතා දියත් කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි.
හමුදාව සම්බන්ධ වන පාලනයක් නොව සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.
විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා හමුදා සාමාජිකයන් කටයුතු කළ අතර ඒ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් විය.
හම්ඩෙක්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් දැන් සම්පූර්ණ පාලන බලය හමුදාව සතු වී තිබෙනවා.
හම්ඩොක්, අගමැතිවරයා ලෙස අවසන් වරට රූපවාහිනියෙන් ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ රටේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල වන භයානක සන්ධිස්ථානයකට රටේ ජනතාව පැමිණ සිටින බවයි.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…