අද (17) දින ඈ සිය සැමියා රිචර්ඩ් සහ අට හැවිරිදි දියණිය ගැබ්‍රියෙල් සමඟ ඔක්ස්ෆර්ඩ්ෂයර් ගුවන් තොටුපළේදී එක්වන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට හුවමාරු වෙමින් පවතී.
ඉරානය හා බ්‍රිතාන්‍යය අතර දශක පහක පමණ කාලයක නොවිසඳුන යුධ ගනුදෙනුවකට අදාළව ප්‍රාණ ඇපයට තබාගනිමින් නසානින් ඉරාන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ ඉකුත් 2016 වර්ෂයේදී ය. ඒ එවකට දෙහැවිරිදි සිය දියණිය සමඟ ඉරාන අලුත් අවුරුද්දට තම දෙමාපියන් බැලීමට ඉරානයට ගිය මොහොතේ ය.
ඉරාන රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරන සංවිධානයකට ඈ නායකත්වය සපයන්නේ යැයි සාවද්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට පත්වන නසානින් තම නිදහස වෙනුවෙන් දැඩි අරගලයක නිරත වූවාය.
සය වසරක සිරදඬුවම් විඳි නසානින් ඉරානය හා බ්‍රිතාන්‍යය අතර නොවිසඳුනු යුධ ටැංකි ගනුදෙනුවක් නිසා මතුවූ දේශපාලන අර්බුදයක වින්දිතයෙකි.
නමුත් අද දින ඈ නිදහස ලබා සිය පවුල සමඟ යළි එකතු වී තිබේ.
නසානින් සමඟ තවත් බ්‍රිතාන්‍ය-ඉරාන සම්භවයක් ඇති පුද්ගලයන් දෙදෙනෙකු සිරභාරයට ගෙන තිබූ අතර ඒ දෙදෙනා ද නිදහස් කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ, බ්‍රිතාන්‍ය රජය ඉහත කී ගනුදෙනුවට අදාළ මුදල් යළි ලබා දීමට එකඟතාව පළකර ඇති පසුබිමක් තුළය.
ඡායාරූප: බීබීසී
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…