ඇමසන් සමාගමේ වත්කම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක්. ලෝකයේ ලොකුම කෝටිපතියා වන්න්තේ ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බෙසොෆ්. මේ සමාගම මේ වසරේ නත්තල් බිස්නස් එක සඳහා දැන් පටන්ම සියල්ල සැලසුම් කර හමාරයි. ඒ අනුව මල්, නත්තල් තෑගි භාණ්ඩවල පටන් අඩි දෙකේ සිට අඩි 7 දක්වා උස නත්තල් ගස් ඔවුන්ගේ නත්තල් භාණ්ඩ ලැයිස්තුවේ අන්තර්ගතයි. නත්තල් ගස් සඳහා ප්‍රසිද්ධ නෝෆෝක් දූපත්වලින්ම එම නත්තල් ගස් කපා ගෙන එන බවත් ඔවුන් සඳහන් කරනවා.
නත්තල් ගසක් වගේ දෙයක් ඇණවුම් කළ පමණින් එය බෙදා හැරීම ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම ලොව පුරා ඔවුන්ගේ සේවා ජාලය පැතිරී තිබෙන නිසා ලෝකයේ ඕනෑම පාරිභෝගිකයෙකුට මේ සේවාව ලබාගන්නට පුළුවන්ද වැනි ප්‍රශ්න මතු වෙනවා. එයට පිළිතුරු දෙමින් ඇමසන් සමාගම කියන්නේ, ඇතැම් නත්තල් ගස් නැව්ගත කිරීමට සුදුසුකම් සපුරාලන බවයි. ඒ අනුව ඇමසන් වෙබ් අඩවියේ ඩොලර් 119 ක වාර්ෂික සාමාජිකත්වය ගත් අයෙකුට දින දෙකක් ඇතුළත නැව් මගින් නත්තල් ගස ගෙන්වා ගන්නට පුළුවන්.
කොහොම වුණත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත යුත්තේ නත්තල ආසන්න කාලයේදී ඔවුන්ගේ වෙබ් අඩවියෙන්.
පසුගිය වසරේත් නත්තලට ඇමසන් සමාගම, අඩි 3 ක් දක්වා උස නත්තල් ගස් අලෙවි කිරීමට සමත් වුණා. තෙවැනි පාර්ශවයේ වෙළෙන්දන් හට ඊට වඩා විශාල නත්තල් ගස් ද ඔවුන් අලෙවි කළා. නමුත් අඩි 7 ක් දක්වා උස, අති දැවැන්ත නත්තල් ගස් අලෙවි කරන පළමු අවස්ථාව මෙයයි. එයට අමතරව සුපුරුදු ආකාරයටම කෘතිම නත්තල් ගස් ඔවුන් මෙවරත් අලෙවි කරනවා.
ලෝකයේ නත්තල් ගස් වෙළඳපොළ පවත්වාගෙන යන්නේ කුඩා සමාගම් විසින්. ඉතින්, ඇමසන් වැනි අති දැවැන්තයෙකුගේ ආගමනය, අනිවාර්යයෙන්ම ඔවුන්ට අභියෝගයක් විතරක් නෙවෙයි, විනාශයකුත් වේවි. කොහොම වුණත් ඇමරිකාවේ ජාතික නත්තල් ගස් සම්මේලනය නම්, මේ වන විටත් ඇමසන් සමාගමේ මැදිහත් වීම සාදරයෙන් පිළි අරන්.
ඇමරිකාවේ ජාතික නත්තල් ගස් සම්මේලනය පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව එක් පාරිභෝගිකයෙක් දළ වශයෙන් නත්තල් ගසක් සඳහා ඩොලර් 74ක් නොමසුරුව වැය කරනවා.
ඇමසන් සමාගමේ ලෝගෝ එක දිහා සැලකිල්ලෙන් බැලුවොත්, ඔබට පෙනේවි, A අකුරේ සිට Z අකුර දක්වා ඊතලයක් තිබෙන බව. එහි අදහස ඔවුන් A to Z හැම දෙයක්ම විකුණනවා කියන එකයි. මෙදා පාර නත්තලේදී ඒ බව ඔවුන් තවදුරටත් සැබෑවක් කරනවා.
– CNNMoney (New York) ඇසුරෙනි.
ඇමසන් සමාගමේ සාර්ථකත්වයේ රහස මෙතැනින් කියවන්න…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…