පරිසර

ඉන්දුනීසියාවට දෙවන සුනාමියක් ආවොත් – වඳ වී යාමට බලා සිටින අහිංසකයා – ජාවා රයිනෝ

ඒ දෙවන සුනාමියෙන් ඒ යමහල් දූපතේ වෙසෙන මිනිසුන් වඳ වී යන එකක් නැත. නමුත්, මිහිපිට වෙසෙන, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින අවසන් ජාවා රයිනෝවා ද එ් සුනාමියෙන් වඳ වී යාමට නියමිත ය. Javan rhinos

මේ ‘ජාවා රයිනෝ‘ හෙවත් ‘ජාවා රයිනෝසිරස්‘ සතුන් මුළු ලෝකයටම අද ඉතිරිව සිටින්නේ 67 දෙනෙක් පමණි. උන් සියලුම දෙනා ජීවත් වන්නේ උජුන්ග් කුලොන් ජාතික වනෝද්‍යානයේ ය. ඒ වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ අනක් ක්‍රැකටු දූපතේ ය.

පසුගිය සෙනසුරාදා ඇති වූ සුනාමිය ද මෙම වනෝද්‍යානයට බලපෑ නමුත්, වනෝද්‍යාන නිලධාරීන් ද දෙදෙනෙක් එයින් මිය ගිය නමුත් කිසිදු රයිනෝවෙකුට එයින් හානි සිදු වූයේ නැත.

‘‘නමුත් දෙවැනි වතාවටත් සුනාමි ආවොත් මේ සතුන් මිහිමතින් අතු ගෑවී යනවා..“ යැයි සත්ව සංරක්ෂකයෝ කැට තබමින් කියති.

WWF

උන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වනෝද්‍යානයේ දකුණු වෙරළ අවට ය. පළමු සුනාමිය කඩා වැදුණේ උතුරු වෙරළ සීමාවට ය. උන් එවර දිවි බේරාගැනීමේ රහස වූයේ එයයි.

නමුත් මීළඟ විපතින් බේරීමට තරම් උන් වාසනාවන්තයන් නොවනු ඇත.

සත්තුවත්තකවත් නැති ජාවා රයිනෝ

මේ ලෝකයේ රයිනෝසිරස් සතුන් සිටින්නේ විශේෂ 5 ක් පමණි. උන් විශේෂ 5 ම සිටින්නේ, වඳ වී යාමේ අවදානමට ලක්ව ඇති සතුන් ශ්‍රේණිගත කරන අන්තර්ජාති රක්ත දක්ත පොතේ රතු ලැයිස්තුවේ (IUCN Red List) ය. ඒද, ‘අතිශයින් අවදානමට ලක්ව ඇති‘ – Critically Endangered නමැති කාණ්ඩය යටතේ ය.

WWF | අවසන් ජාවා රයිනෝ දැවැන්තයා, මිහිමතින් වඳ වී යාමට සූදානමින්

එක් කලෙක ඉන්දියාව සහ ගිණිකොණ දිග ආසියාවේ කැලෑපෙත්වල ද සැරිසැරූ මේ සොබාදහමේ අලංකාර සාමාජිකයා, එම ප්‍රදේශවලින් සදහටම වඳවී ගියේ සිත් පිත් නැති ලෙස ඝාතනය කිරීම නිසා, නිකේතන විනාශය සහ කෘෂිකර්මාන්තය වැනි මිනිස් මැදිහත් වීම් නිසා ය.

වැදගත්ම කාරණය, ජාවා රයිනෝ සතුන් මේ ලෝකයේ කිසිදු සත්වෝද්‍යානයක පවා නොමැති වීමයි. ඒ අනුව, දෙවන සුනාමියක් පැමිණියොත්, මේ විශේෂය, මිහිතලයට සදහටම අහිමි වීමට විශාල ඉඩක් තිබේ.

දෙවන නිවසක් සොයාගන්නට අසීරුකම

ඉන්දුනීසියානු බලධාරීන් සහ ලෝක වනජීවී අරමුදල, මේ සතුන්ගේ ඉරණම මෙසේ අවසන් නොවිය යුතු බව විශ්වාස කරති. ඒ අනුව කළ හැකි එකම දේ වශයෙන් ඉතිරිව තිබෙන්නේ උන්ව වෙනත් ස්ථානයකට ගෙන යාමයි.

නමුත් එය සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.

එසේ වෙනත් තැනකට ගෙන යන්නට නම් එම රයිනෝ සතුන් මනා සෞඛ්‍යයෙන් සිටිය යුතුය. එයට අමතරව නව ස්ථානය උන්ට සිය ප්‍රජා සාමාජිකයන් සමග සමීප සම්බන්ධතා ගෙන යා හැකි ස්ථානයක් විය යුතුය. තවද, උන් එම නව ස්ථානයේදී ප්‍රජනනය කරන්නට සමත් විය යුතුය.

තවත් සලකා බැලිය යුතු කරුණු රාශියකි.

ජාවා රයිනෝවන්ට එහිදී ආහාර හිඟයකට මුහුණ නොපෑමට නම්, නව නිකේතනයේ අවම වශයෙන් ශාක විශේෂ 200 ක්වත් තිබිය යුතුය. එසේම ඇති තරම් ජලය තිබිය යුතුය. උන්ට ගැළපෙන පසක් ද තිබිය යුතුය. වසර පුරාම තෙත් කාලගුණයක් තිබිය යුතුය.

මෙවැනි තෙතබරිත පරිසරයක් නැතිව උන්ට ජීවත් විය නොහැකි ය. GETTY IMAGES

‘‘මේ සියලු අවශ්‍යතා සපුරාලන තැනක් හොයාගන්න ඉතාම අමාරුයි. අපි ඇත්තටම 2017 අවුරුද්දෙ ඉඳන් ඒ වගේ තැනක් හොයනවා..“ යැයි බලධාරීහු කියති.

ඔවුහු තවත් බොහෝ දේ කියති. මේ වන විට සුදුසු ස්ථාන 10 ක් පමණ තමන් විසින් අධීක්ෂණය කර ඇති බව කියති. ඒ අතරින් සුදුසු යැයි පෙනී යන තැනකට යන්තමින් හමු වී තිබෙන්නේ දැනට බටහිර ජාවා හි සිකෙප් රක්ෂිතය (Cikepuh Wildlife Reserve) යි.

නමුත් ඒ රක්ෂිතයේ භූමිය, හමුදා සන්දර්ශන පෙරහුරු පැවැත්වීම සඳහා වෙන් කර ඇති එකකි. ඒ අනුව රයිනෝවන් එහි ගෙන යාටම පෙර, අලුත්ම වර්ගයේ පරීක්ෂණයක් බලධාරීන් විසින් කළ යුතුව ඇත. ඒ, ජාවා රයිනෝවන් වෙඩි සහ කාලතුවක්කු හඬට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සොයාගැනීමයි. එය දවසින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ.

මේ අතර මෙම රක්ෂිතය අවට මිනිස් ක්‍රියාකාරකම් බහුල ය. එය ද බාධකයකි. පැහැදිලිවම ජාවා රයිනෝවන්ට, ඔවුන් මෙතෙක් ජීවත් වන සාමකාමී පරිසරය ඒ අනුව අහිමි වීමට නියමිත ය.

මැකී යන පිය සටහන් | GETTY IMAGES

ඇතැම්විට, ඒ අවදානම ගෙන හෝ මේ ජාවා රයිනෝවන් එහි ගෙන යාමට පෙර, දෙවන සුනාමිය පැමිණීමට ද ඉඩ තිබේ.

පෙර ලිපිය:

ඉන්දුනීසියාව දෙවන සුනාමියක් බලාපොරොත්තුවෙන් -ක්‍රැකටෝවා දිගටම පුපුරයි.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

12 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

14 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

15 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

16 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago