පුවත්

දෙවියන්ද නොබලන ලේවැකි ඉරානය ; ‌විරෝධතා හේතුවෙන් මිය යන ලද දරුවන් සංඛ්‍යාව 58ක්

ඉරානයේ සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගිය මහ්සා අමීනිගේ මරණයත් සමඟ ඇරඹි විරෝධතාවයන් මේ වන විට තෙවන මාසය දක්වා පැමිණ තිබේ. මෙම ගෙවී ගිය කාලය ඇතුළත විරෝධතා හේතුවෙන් අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් 46 ක් සහ ගැහැණු ළමයින් 12 ක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ඉරානයේ වැඩිවන ළමා මරණ සංඛ්‍යාව පැමිණෙන්නේ රට පුරා නගරවල උත්සන්න වන ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් වන අතර විරෝධතා පහව යන ලකුණකුදු පෙනෙන්නට නොමැත.


රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම පැවතීම නිසා පසුගිය සතිය තුළ පමණක් ආරක්ෂක අංශ විසින් ළමුන් 5 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. පසුගිය බදාදා ඉරානයේ බටහිර නගරයක් වන ඉසෙහ්හිදී අවුරුදු 13ක් වයසැති දරුවකු සිය පියා අසල වාඩිවී සිටියදී ආරක්ෂක අංශ විසින් වෙඩිතබා මරා දමා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වගකීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂප කර ඇති අතර ඔවුන් විසින් වෙඩිතබනු ලැබුවේ ත්‍රස්තවාදීන්ට බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම විරෝධතා අතරතුර මිය ගිය 17 හැවිරිදි මොහොමඩ් අබෝල්ෆස්ල්ව මිය ගොස් තිබුණේද වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් වන අතර වෛද්‍යවරු පවසා තිබුණේ ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩ 50ක් පමණ තිබූ බවයි.


විරෝධතා දැක්වීම නිසා ආරක්ෂක අංශ විසින් පහර දී මරා දමන ලදැයි කියන නිකා ෂකමරි සහ සරීනා එස්මයිල්සාදේ යන නව යොවුන් වියේ ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ මරණය තවදුරටත් විරෝධතාකරුවන්ගේ කෝපයට හේතු වී ඇත. ඉරානයේ ගුරු සංගමයට අනුව, තවත් 16 හැවිරිදි දැරියක් වන අස්රා පනාහි ඔක්තෝබර් 18 වන දින බටහිර නගරයක් වන අර්ඩබිල් හි ඇගේ පන්ති කාමරයේදී ආරක්ෂක හමුදා විසින් පහර දීමෙන් මිය ගොස් ඇත.

කුර්දිස්තානයේ 16 හැවිරිදි දැරියක් පසුගිය සතියේ තම පාසලේදී අත්අඩංගුවට ගෙන පාසල් වෑන් රථයකින් විසිවී ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පාසල් දරුවන්ට එල්ලවන ප්‍රහාර දිගින් දිගටම සිදුවන බව වාර්තා වේ.

ඉරානයේ මානව හිමිකම් ආයතනයක් වන HRA පවසන්නේ විරෝධතා ආරම්භ වූ දා සිට විරෝධතාකරුවන් 380 කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර ළමුන් ඇතුළු 16,000 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

3 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

5 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

9 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

9 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

9 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

10 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

23 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago