කෙන්යාවේ ස්ථාපිත බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැදීමට තැත් කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
මෙසේ සැකකරුවන් කඩා වැදීමට උත්සාහ කොට තිබෙන්නේ කෙන්යාවේ නාන්යුකි නම් ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ය.
එම හමුදා කඳවුරේ වාර්ශිකව බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් දස දහසක් පමණ පුහුණුවීම් ලබන බවට වාර්තා වේ.
පසුගිය දිනක කෙන්යාවේ එක්සත් ජනපද හමුදා කඳවුරකට අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
එම පහර දීමෙන් ඇමරිකානු හමුදා නිලධාරියකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙකී සැකකරුවන් අදාල බ්‍රිතාන්‍ය කඳවුරට කඩා පැන තිබෙන්නේ එම පහර දීමට පැය ගණනක් යන්නට මත්තෙන් බවට වාර්තා වේ.
සිදුවීම් දෙක අතර සබඳතාවක් පවතින්නේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
අත්අඩංගුවට පත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා ගෙන ඇති බවට කලාපීය පොලිස් ප්‍රධානී පැවසීය.
කෙන්යාවේ නයිරෝබී අගනුවරට සැතපුම් 120 පමණ උතුරින් පිහිටා ඇති නාන්යුකි හමුදා කඳවුර කෙන්යාවේ බ්‍රිතාන්‍ය හමුදා පුහුණු ඒකකය (British Army Training Unit Kenya: BATUK) විසින් පිහිටුවා ඇත.
ඒ කෙන්යාව සමඟ එළඹි ගිවිසුමකට ප්‍රකාරව වන අතර, උණුසුම් හා රළු භූමි වල හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා මෙම කඳවුර යොදා ගන්නා බවට වාර්තා වේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…