ක්‍රීඩා

දෙකෙන් තුනට වැටුණ ක්‍රොඒෂියාව දෙවන වරටත් තෙවැනි වෙයි

මෙවර ලෝක කුසලාන තරගාවලියට ලෝක අනු සූරයන් සේ එක් වූ ක්‍රොඒෂියාව අනු සූරතාවයට පිවිසීමට නොහැකි වුව ද,තෙවන ස්ථානය පිවිසීමට හැකි විය.තමන් ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී අත් කරගත් කීර්තිය සුරැක ගැනීම සඳහා විශාල කැපවීමකින් සහ එකමුතු භාවයකින් තරග කළ ක්‍රොඒෂියානුවෝ, මෙවර තරගාවලියේ තෙවන තැනට පත්වෙමින් ඒ උත්සාහයේ සම්පූර්ණ බලාපොරොත්තුව සපල කර නොගත්තත්,බොහෝ බලාපොරොත්තු සපල කර ගත්හ.

ක්‍රොඒෂියාව ලෝක පාපන්දු කුසලාන තරගාවලියට ප්‍රවේශවන්නේ 1998 දි ය.එවර සූරයෝ වූයේ ප්‍රංශ කණ්ඩායමය.කෝඩුකාර ක්‍රොඒෂියාව තෙවැනි තැනට පත්වෙමින් වැඩිම අවධානය දිනූ කණ්ඩායම බවට පත් විය.එතැන් පටන් 2010 හැරෙන්නට අන් සෑම අවස්ථාවකම ලෝක කුසලාන තරගාවලියට ඔව්හූ සුදුස්සෝ වූහ.2018 දී ප්‍රංශය සූරතාවය දිනද්දී ඔවුන්ට අනු සූරයන් විමට හැකි විය.ප්‍රවේශයේ සිට බලන කළ ක්‍රොඒෂියාව සාර්ථකවීම සහ ප්‍රංශය සාර්ථක වීම එකට සෙවනැල්ල සේ ඇදී එන තත්ත්වයක්ද දැකිය හැකිය.ප්‍රංශය සූරතාවය දිනා ගත් පළමු මොහොතේ තෙවනි තැන සිටි ක්‍රොඒෂියාව,ප්‍රංශය දෙවන වරට සූරතාවය දිනා ගනිද්දී දෙවන තැන සිට ඇත.මෙවරත් අද අවසාන තරගයට ප්‍රංශ්‍ය ආර්ජෙන්ටිනාව හමුවෙයි.ක්‍රොඒෂියාව මේ වන විටත් තෙවන තැන දිනා අවසන්ය.

මෙවර තෙවන තැන සඳහා වූ තරගය සැබවින්ම හැඳින්විය හැක්කේ මෙවර තරගාවලිය පුරා විශාල අවධානයක් දිනා ගත් මොරොක්කෝවේ දැල රකින යාසින් බොවුනෝ සහ ක්‍රොඒෂියා දැල රකින ඩොමිනික් ලිවකොවික් යන දෙදෙනාගෙන් දවසේ දක්ෂයා කවුද යන්න තීරණය කිරීමේ අවස්ථාවක් හැටියටය.එසේම ඔවුන් දෙදෙනාට උපායශීලීව සහ අවස්ථානෝචිතව නිවැරදිව ස්ථානගත වෙමින් සහයෝගය දෙන ආරක්ෂක පෙළ ක්‍රියාකාරීත්වයද වැදගත්ය.අප තරගයට පෙර කියූ ආකාරයටම ඊයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට බලපෑවේ එම තත්ත්වය ය.

මොරොක්කෝවේ තරග රටාව එක්තරා ආකාරයකට ප්‍රාථමික ස්වභාවයක් ගත් බවක් කිව හැකිය.විටෙක ඔවුන් රොඳ බැද එක පොකුරට කණ්ඩායමම ප්‍රතිවාදීන්ගේ දැල ආක්‍රමණය කළහ.ඒ ආකාරයටම තමන්ගේ දැල රැක ගැනීමටද ඔව්හු එක පොකුරට රොඳ බැන්දහ.ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා හැඩය ඉක්මවූ මේ ආක්‍රමණය සහ ආරක්ෂාව ඉදිරියේ වැඩුණු පරිනත ක්‍රීඩා විලාශයන්ට සිය දැල මොරොක්කෝවෙන් ආරක්ෂා කර ගැනීම මෙන්ම,මොරොක්කෝ දැල ආක්‍රමණය කිරීමද පහසු එකක් නොවිණි.වේගවත් ක්‍රීඩා රටාවක නියැලුණු මොරොක්කෝ ක්‍රීඩකයින්ට ප්‍රතිචාර දැක්විමේ කලාව පළමුවරට තේරුම් ගත්තේ ප්‍රංශයය.ඒ සාර්ථකත්වය අනුගමනය කළ ක්‍රොඒෂියාව ද තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී මොරොක්කෝවට මොරොක්කෝ විලාසිතාවෙන්ම පිළිතුරු දුන්නේය.

තරගය ඇරඹි ගත වූ 7 වන විනාඩියේදී ජොස්කෝ ග්වාර්ඩියොල් ක්‍රියාත්මක විය.ඒ සමඟ ගෝල 1 – 0 ක් සේ පෙරට ආ ක්‍රොඒෂීයාවේ සතුට විනාඩි දෙකකට සීමා කළ අච්රාෆ් ඩාරි මොරොක්කෝව වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තේය.

තරගයේ වීරයා ජෙස්කෝ

දෙපසට දෙපිළම ආක්‍රමණය සිඳු කළ ද ලිවකොවික්ගේ සහ බොවුනෝ ගේ දෑත් අතරින් රිංගා යාමට ශක්තිමත් පහරක් එල්ල නොවුණි.ක්‍රොඒෂියාව වෙනුවෙන් මෙවර තරගවාරයේ ලකුණු යන්තරය බවට පත්ව සිටින මිස්ලාව් ඕර්සික් තරගයේ 42 වන විනාඩියේදී ක්‍රියාත්මක වූයේ බොවුනෝ ගේ අතේ සහ සිරුරේ දුර සමඟ පැනිය හැකි පිම්මේ දුරද මැන බලා මෙන්ය.ඒ අපූරු ගෝලයත් සමඟ 2- 1 ලෙස පෙරමුණේ සිටිමින් පළමු අර්ධයේ අවසානයට පිවිසි ක්‍රොඒෂියාවට දෙවන අර්ධයේදී මොරොක්කොවෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි.
නමුත් ක්‍රොඒෂියා ආරක්ෂකයින් ද ඩොමිනික් ලිවකොවික්ගේ සුරක්ෂිත දෑත සමඟ බැඳුණු විමසුම් ඇස් ද ඒවා දැලෙන් මෙපිට නවතාලීය.දෙවන අර්ධයම උණුසුම් වුව ද දෙපිළටම ගෝල ලබා ගැනීමට ඉඩ නොලැබිණ.විශේෂයෙන් ක්‍රොඒෂියාව වැඩි පුරම උනන්දුව දැක් වූයේ සිය ආරක්ෂාව සළසා ගනිමින් පළමු අර්ධයේ දී ලබා ගත් වාසිය ආරක්ෂා කර ගන්නටය.

තරගය නිමාවට පත්වෙන තෙක්ම ලකුණු පූවරුව 2- 1 සේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුරක්ෂිත කර ගත් ක්‍රොඒෂියාව වෙනුවෙන් මෑත කාලයේ සුවිශාල සේවයක් කළ නායක ලුකා මොඩ්රික් සිය ජාත්‍යන්තර පාපන්දු දිවියේ අවසාන ලෝක කුසලාන තරගය ජයග්‍රාහීව නිමා කිරීමට නායකත්වය දුන්නේය.අති සූක්ෂම ක්‍රීඩකයෙක් වන ලුකා ඉකුත් ලෝක අනු සූරතාවය වෙනුවෙන් දැක් වූ දස්කම් නිසා 2018 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයාද වූවේය.

ක්‍රොඒෂියා පාපන්දුවේ නව පරිච්ඡේදයකට දායක වූ පෙරගමන්කාර ක්‍රීඩකයා වන ලුකා සමබන්ධයෙන් ක්‍රොඒෂියා පුහුණුකරු ෂ්ලැට්කෝ ඩාලික් පැවසුවේ අවුරුදු 38 ක් වුව ඔහු විසිපස් වියැත්තෙක්ගේ රටාවට අනුව ක්‍රීඩා කරන බවය.ක්‍රොඒෂියා පාපන්දුවේ දැවන්ත හඬ ලුකා බව පැවසූ ඔහු තමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ පරමාදර්ශී නායකයා පසුපස පෙළ ගරසන මෙන් අනාගත පරම්පරාවට ඇරයුම් කළේය.මෙවර අති උද්වේගකර තරගකාරීත්වය හමුවේ තමන්ගේ රට ලැබූ ලෝකඩ පදක්කම රන් පදක්කමක් තරමට වටින බව ද ඩාලික් පෙන්වා දුන්නේය.

පුහුනුකරු ඩිලැක් සමඟ ලුකා

අවසාන පූර්ව වටයට පිවිසි යුරෝපීය හෝ දකුණු ඇමෙරිකානු නොවන පළමු රට බවට පත් වූ මොරොක්කෝවේ ක්‍රීඩා රටාවද,ඔවුන්ගේ දක්ෂතාද ඩාලික් මහත් ඉහළින් අගය කරන්නට පැකුළුණේ නැත.

ඉතිහාසය වෙනස් කරපු මොරොක්කෝව

ලුකා සිය නික්ම යාමේ අවසාන කැමරා සිත්තමට සිය දරු පැටවුන් කැඳවා ගන්නට උනන්දු වන අයුරු හොඳින් නැපී පෙණින.ආඩමබර විය හැකි තාත්තෙක්ගේ දරුවන්ට ඒ ස්වර්ණමය මොහොත මතකයක්ව සටහන් කර තබන්නට ඔහුට අවශ්‍යය වන්නට ඇත.ලෝකයම තමන් ගැන ආඩම්බර වුවත් තාත්තෙක්ට තමන්ගේ දරුවාට තමන් වෙනුවෙන් දැනෙන ආඩම්බරය තරම් වෙනත් දෙයක් නොදැනෙනු ඇතැයි ලුකා විශ්වාසයට ගන්නට ඇත.

ඒ නිසාම මේ සටහනේ වැඩි ඉඩක් ලෝකයක් පින වූ දෙපයක අභිමානයක හැඟීමට ගරු කරන්නට ලුකාගේ සහ දරුවන්ගේත්,ලුකාගේ වීරත්වය අගයන දරු පරපුරකුත් දැක්වෙන ඡායාරූපවලට වැඩි ඉඩක් දෙන්නට අපි තීරණය කළෙමු.


Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

9 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

10 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

15 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

15 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

15 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

16 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago