නෙදර්ලන්තයේ භාරකාර රජයේ අග්‍රාමාත්‍ය මාර්ක් රුට් මහතා පවසා සිටියේ ලන්දේසි රජපෙළපතේ ඔටුන්න හිමි රජු හෝ රැජිණ ට සමාන ලිංගයේ පුද්ගලයකු හා විවාහ ගිවිස ගැනීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි.
නෙදර්ලන්තය යනු සමරිසි විවාහයට නීත්‍යානුකූලභාවය ලබාදුන් ලොව පළමු රාජ්‍යයයි. ඒ 2001 වර්ෂයේදී ය. නමුත් මෙම නිදහස එරට ලන්දේසි රජ පෙළපතට වලංගු නොවන බවට ඇතැමුන් ගේ විග්‍රහය විය.
නෙදර්ලන්තයේ ඔටුන්න හිමි ඇමේලියා කුමරිය එළඹෙන දෙසැම්බරයේදී වයස 18 සම්පූර්ණ කිරීමට නියමිත අතර, එරට රජයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ සෛද්ධාන්තික වශයෙන් රජපෙළපතේ ඔටුන්න හිමි පුද්ගලයාට සමරිසි විවාහයක් කර ගැනීමට හැකි බවයි.
ඒ අනුව ඔටුන්න හිමි තැනැත්තා සමරිසි විවාහයක් සිදුකර ගන්නේ නම් එයට ඔටුන්න අත්හළ යුතු යැයි නෛතිකමය බාධාවක් තම කැබිනට් මණ්ඩලය නොදකින බව අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා අවධාරණය කරයි.
ඇමේලියා කුමරිය ලන්දේසි රජු විලියම් ඇලෙක්සැන්ඩර් ගේ වැඩිමහල් දියණියයි. ඈට කිරුළ හිමි වූ පසු ඈ තෝරා ගන්නේ විරුද්ධ ලිංගයේ සහකරුවකු ද සමාන ලිංගයේ සහකාරියක ද යන විවාදය බොහෝ දෙනෙකු අතර මේ වන විට පැන නැඟී පවතී.
කෙසේවෙතත් ඇමේලියා කුමරිය තවමත් අධ්‍යාපනය හදාරන අතර ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරක් මේ දක්වා කිසිදු මාධ්‍යයකට වාර්තා වී නොමැත. ඒ අනුව නුදුරේදී ලන්දේසි රජමැදුරේ විවාහ ගිවිසගැනීමක් ගැන ද කිසිදු තොරතුරක් වාර්තා නොවේ.
නෙදර්ලන්තයේ ඔටුන්න හිමි පුද්ගලයා සමරිසි විවාහයක් සිදුකර ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති වූවද, ඈ ශුක්‍රාණු දායකයකුගේ උපකාරයෙන් දරුවකු ලැබීමට තීරණය කරයි නම් ඒ අනුව එම දරුවා ඇගේ අනුප්‍රාප්තිකයා වනු ඇති ද යන්න පිළිබඳව නිශ්චිත විග්‍රහයක් ලබා දීමට නොහැකි බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.
Photo: GETTY
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…