2016 වසරේ අර්ධ මැරතන් තරගමාලාවෙන් පසු මහා ස්කොට්ලන්ත ධාවන තරඟය අඩු වූ දෙවන අවස්ථාව සටහන් කරමින් මෙවර ස්කොට්ලන්ත මාර්ග ධාවන තරගයේ කිලෝ මීටර් 10 ක තරගය මීටර් 150 ක් අඩු බව වාර්තා කිරීමට එය සංවිධානය කළ Great Run සමාගම අවංක වී තිබෙනවා.මේ නිසා ස්කොට්ලන්ත ජාතික වාර්තාවක් වගේම යුරෝපා වාර්තාවකුත් අවලංගු කරන්න සිඳු වෙනවා. එහි හිමිකාරිය ඒලිස් මැක්කෝල්ගන්.ඇය මෙම ධාවන තරගය ජය ගත්තේ විනාඩි 30 තත්පර 18 න්.නමුත් ඇය දිවූ දුර ප්‍රමාණය වැරදි මැණීම නිසා මීටර් 9850 ක් පමණයි කියා දැනගත් විට මැක්කෝල්ගන් කෝපයට පත් නොවන්නට තරම් නිරහංකාර වුණා.
මිනිස්සුන්ගෙන් වැරදි සිඳුවෙනවා.එයාල දැඩි අපහසුතාවයකට පත් වෙලා
මැක්කෝල්ගන් වාර්තාව අහිමිවීම දරාගෙන පවසනවා.ඇය පවන්නේ මේ වසරේ දක්ෂකම් ගැන ඇය සතුටු වෙන බවයි.වාර්තා තබමින් ධාවනයේ යෙදුණ අවසාන තරගයත් වාර්තාවක් වූවානම් හොඳ බව ඇය පැවසුවත්,තාක්ෂණික මැණිමේ ගැටළුවකින් එය අහිමිවීම ඇය දරා ගන්නේ මේ ලෝකයේ අවසානය නොවන බව පවසමින්.
මීටර් 10000 ක දුරකින් මීටර් 150 ක් අඩු වීම සාමාන්‍ය අයෙක්ට නොදැනෙන්නේ වුව ද එම දුරවල්ම ජීවිතය කරගත් කෙනෙක්ට එසේ නොවේ.තමාට තරගය අවසන් කළ පසුව එම කෙටි බව දැණුන බව ඇය සිය සහයකයාට පවා පැවසූ බව මැක්කෝල්ගන් පවසනවා.ධාවන තරගය සංවිධානය කළ ග්‍රේට් රන් සමාගම 2016 දි ද මේ තත්ත්වය වෙනස් කිරිමට යම් සමාලෝචනයක යෙදුණත්,යළිත් එවැන්නක්ම සිඳුවීමට සමහර විට ඉකුත් වසර දෙකකම ගෝලීය කොවිඩ් වසංගතය නිසා තරගාවලිය ඇණ හිට තිබි යළි ආරම්භ කිරීම බලපාන්න ඇතැයි සිතන්නත් පුළුවන්.නමුත් මේ අවස්ථාවේදි යළිත් එවැන්නක් ඇති නොවන්න අලත් පැති දෙස අවධානය යොමු කරමින් සමාලෝචනයකට ග්‍රේට් රන් සමාගම යොමු වී තිබෙනවා.
කෙසේ හෝ එය හෙළිදරව් නොකර සිටීමෙන් ක්‍රීඩාව සම්බන්ධ වැරදි දත්ත සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරන හඹායාම් නැවත්වීම සඳහා ග්‍රේට් රන් සමාගම එය හෙළිදරව් කිරීමෙන් පැහැදිළිවන්නේ ඔවුන් ක්‍රීඩාවට බැදීමක් සහ ආදරයක් ඇති බවයි.වානිජමය අපේක්ෂාව පමණක් පදනම් කරගෙන වැඩ නොකරන බවයි.ඔවුන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්න නොයා කෙසේ සිඳු වුව ද එය වරදක් බව පිළිගන්නා ආකරය ද මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක්.
“නිදහසට කාරණා කිසිවක් නැහැ.සමාවෙන්න.අපි කණගාටුව ප්‍රකාශ කරනවා.”
ග්‍රේට් රන් සමාගම වරදක් කළත් ඔවුන්ගේ හැසීරීමේ ස්වභාවය ක්‍රීඩාවට පක්ෂපාති ග්‍රේට් එකක් බව ඒ ප්‍රකාශයෙන් පැහැදිළි වුණත්,එවැනි පුළුල් ක්‍රීඩා ඉසව් සංවිධානය කරන ආයතනයකට මෙවැනි වැරදි සමඟ දුවන ක්‍රීඩකයන්ගේ ජීවිතය වන තත්පර සහ මීටර් සමඟ සෙල්ලම් කිරීමට සදාචාරාත්මක අයිතියක්නම් කෙසේවත් නැහැ.
RM
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.