ආදරය කිරීමේ අයිතිය පතා, තරුණ පෙනුමට ගැළපෙන පරිදි උප්පැන්න සහතිකය සංශෝධනය කර ගැනීම පිණිස ඔහු නීතියේ පිහිට පතා සිටියේ වයස 69 ක් වීම නිසා තමන්ට හිමිවී තිබෙන විශ්‍රාම වැටුපට ද පයින් ගසමිනි.
තමන්ගේ වයස අවුරුදු 69 ක් යැයි ඩේටින් ඇප්ස්වල සඳහන් කළ විට, තමන්ට සබඳතා පැවැත්වීම සඳහා අවශ්‍ය සහකරුවන් නොලැබී යන බවත්, එයින් තමන්ට පුද්ගල සබඳතා ඇති කර ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වන බවත් ඔහු සඳහන් කර තිබිණි.
නමුත් මේ වන විට මේ ගැටළුවට අදාළ තීන්දුව ලැබී තිබෙන අතර, අධිකරණය එහිදී සඳහන් කර සිටියේ ඒ සඳහා නීතියෙන් අවසර ලබාදිය නොහැකි බවයි.
එමිලි රැට්ල්බෑන්ඩ් නඩු පවරමින් කියා තිබුණේ, තමන්ට වසර 20කින් තරුණ වීමේ අයිතිය ලබානොදෙන්නේ නම් එය වෙනස්කොට සැලකීමක් බව ය.
‘‘අපි ජීවත් වන්නේ ඔබේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගත හැකි යුගයකයි. එහෙම නම් මට මගේ වයස වෙනස් කර ගන්න බැරි ඇයි?“ යනුවෙන් ඔහු විමසා තිබිණි.
ඕලන්ද අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, වයස පදනම් කරගෙන ලැබෙන නෛතික අයිතීන් ගණනාවකට මෙය අදාළ වන බව පවසමිනි. ඒ නිසා වයස හිතුමතයට වෙනස් කර ගැනීම, ගැටළු ගණනාවකට හේතු වන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.
ඒ සඳහා කිසිදු නෛතික පදනමක් නොමැති බවත් අධිකරණය තවදුරටත් පැවසුවේය.
‘‘රැට්ල්බෑන්ඩ් මහතාට තමන් අවුරුදු 20 කින් බාල බව සිතීමට නිදහස තිබෙනවා. ඒ අනුව ක්‍රියාකිරීමටත් නිදහස තිබෙනවා“ යැයි විනිසුරු මණ්ඩලය පැවසුවේ, ‘එසේ වුවත්, ඒ අන්දමින් ලේඛන වෙනස් කිරීම සමාජමය හා නෛතික වශයෙන් ගැටළු ඇති කරන බව‘ ද පෙන්වා දෙමිනි. ‘නීතිමය වශයෙන් අවුරුදු 20 ක් මකා දමන්නට හැකියාවක් නැහැ‘ යැයි ද අධිකරණ විනිසුරු මඬුල්ල කියා සිටියහ.
මේ තීන්දුව මගින් ඔහුව වෙනස්කොට සැලකීමකට ලක් කර ඇතැයි ඔහුට සිතෙන්නේ නම් ඒ සඳහා වෙනත් නීතිමය ප්‍රතිකර්මවලට යොමුවන ලෙසත් අධිකරණය ඔහුට කියා තිබේ.
හැම දෙයක්ම ධනාත්මක ලෙස සිතන රැට්ල්බෑන්ඩ්, වෘත්තියෙන් ද ධනාත්මක පුහුණුකරුවෙකි. මේ අසාමාන්‍ය ඉල්ලීමත් සමග ඔහු මුළු ලෝකයේම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව තිබේ. නඩු තීන්දුවෙන් පසු ඔහු දක්වන අදහස් කවරේදැයි දැනගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් අධිකරණ භූමියට පැමිණ තිබිණි.
පෙර ලිපිය –
වසර 20කින් තිරිහන් වීමේ අයිතිය පතා සංක්‍රාන්ති ලිංගිකයෙක් පෙරට
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…