ඉරානයේ දේශපාලන සිරකරුවන්, මාධ්‍යවේදීන් සහ විදේශීය පුරවැසියන් සඳහා ප්‍රසිද්ධ එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබේ. මින් රැඳවියන් අට දෙනෙකු පමණ මේ වන විට තුවාල ලබා ඇති අතර මේ වන විට තත්වය සමතයකට පත්කර ඇති මුත්, ගින්න තව දුරටත් පවතින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
රජය විසින් දැඩිව පාලනය කරනු ලබන එවින් බන්ධනාගාරය තුළ ඇති වූ කෝලහාලය අපරාධ සිරකරුවන් විසින් ආරම්භ කර ඇති බවත්, කිසිදු දේශපාලන සිර කරුවකු මේ සඳහා සම්බන්ධව නොමැති බවත් තත්වවය මේ වන විට සම්පූර්ණයෙන්ම සන්සුන් බවත් බන්ධනාගාරය තුළ සිට කතා කරමින් ටෙහෙරාන් ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාරයේ තත්ත්වය තවමත් ව්‍යාකූල බව බීබීසී වාර්තා කර ඇති අතර බ්නධනාගාරය තුළ ගින්න තවමත් ඇවිලෙමින් පවතින අතර බන්ධනාගාරය අවටින් ඇසෙන වෙඩි හඬ දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල දිගින් දිගටම පළවෙමින් තිබේ. මෙම වීඩියෝපට වල රැඳවියන් කොටසක් බන්ධනාගාරයේ වහලය මත සිට විරෝධතා දක්වනුද දක්නට ලැබේ.
මේ වන විට එවින් බන්ධනාගාරයට යන පාරවල් සියල්ල වසා දමා ඇති අතර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට දුරකථනයෙන් තම ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත්, බන්ධනාගාරය අවට අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කර ඇති බව පෙනෙන්නට ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ බන්ධනාගාරය අවට විශේෂ කාර්ය බලකකා කණ්ඩායම් යොදවා ඇති බවත්, බන්ධනාගාරය අවට ගිලන් රථ නවතා ඇති බවත්ය. මෙම බන්ධනාගාරය දිගු කලක් තිස්සේ බටහිර අයිතිවාසිකම් කණ්ඩායම් විසින් විවේදනය කරනු ලබන අතර, හියුමන් රයිට්ස් වොච් බන්ධනාගාරයේ බලධාරීන්ට වධහිංසා පැමිණවීමේ තර්ජන සහ දින නියමයක් නොමැතිව සිරගත කිරීම මෙන්ම, දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ රැඳවියන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.
මීට සති පහකට පමණ පෙර සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටි මහ්සා අමීනිගේ මරණයත් සමඟ 1979 න් පසු ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු එයට එල්ල වූ නිර්භීතම අභියෝගය මේ වන විට එල්ල වෙමින් ඇත. එවින් බන්ධනාගාරයේ ගින්න ද ඒ අනුව යමින් ඇතිවූවක්ද යන්න සැක උපදවමින් ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…